Friday, July 13, 2012

ගස සහ මල
















මහ ගසක් වී කුමට - මල් දරා පල දරනු බැරි නම්
දෙනෝදාහකට සෙවණ දුන්නද නොපීදෙන ගහක්
විසල් අතු පතර විහිදා විඳින අපමණ ගින්දරක්
ඇත්තටම කුමට ඵල නොදරන ගහක්


මව් පදවි ලබන දිනයක ගැහැනියක අති උතුම්
ලබනු බැරි නම් මව් පදවි ගැහැනියකගේ ඵලය කිම්
කඳුළ උරැම මුසලකමට දෛවයේ සරදමින්
අඬාවැටීයන් මතු සංසාරෙදි යළි මේ නොවන ලෙසින්


යමහල් හිතක් ළමැද හොවාගෙන
උණුවී ගින්දරින් කිරි ඉතිරේද නොදනිම්
ජීවිතයකට දෙබෑ විය නොහැකි කුසින්
අන්ත අසරණයි නුඹ මේ ලොව වසන කතු වෙසින්

No comments:

Post a Comment