Friday, July 13, 2012

ආදරියේ...


 ගොම්මන් යාමේ ගඟ අද්දර
තන්පංගලමේ සුදු මැණිකේ
මන මෝහන රැවකින්ගඟ'ඹඩ
සද සේ නුඹ සුදු මැණිකේ


යායට මල් නෙලනා කුමරියෝ
නැහැ නොවැ වැව් ඉස්මත්තේ
මේ සඳ මෝරන පැය ගම්මානේ
නුඹ මන්ද තවත් වැව් ඉස්මත්තේ


හීතල හිරිහඬු පිපෙනා සුළඟින්
නැලවෙන තාලෙට වැව් ඉවුරේ
නුඹ රැව මට තවමත් මැවෙනවා
පුර පෝදා මෝරන තනිපංගලමේ

No comments:

Post a Comment