Saturday, March 23, 2013

එක්තරා සිදුවීමක්…

        මේ සිදුවීම ලියා තබන්නේ මට අමතක නොවන සිදුවීමක් නිසාත් මගේ හිතට මෙය වදයක් සේ හැ‍ෙඟෙන නිසාත් ඔබට මෙයින් ගත යුත්තක් ඇතැයි මා සිතන නිසාය.

 

IMG_1015_zpse9be4e4e

 

         මා  දිනක් ඥාති නිවස සිට ගෙදර බලා එන්නට පිටත් උනෙමි. අතර මඟ දුම්රිය මඟක්ද හමුවේ. මෙදින මා ඒ රේල්  පාර අසලට යන විට ම වාගේ රේල් පාරේ ගෙට්ටු වසා දැමිණි. කෝච්චිය එන තුරු නොසිට පයින් ආ ගිය අයත් පාපැදිකරුවනුත් යතුරුපැදිකරුවනුත් ගේට්ටුව නොතකා පාර පැන ගියහ. එහෙත් අම්මා කෝච්චි වලට හේතු විරහිත බියක් දැක්වු බැවින් කෝච්චි ගැන මට තිබුණේ හොදම ආකල්පයක් නොවන නිසාත් මා පාර නොපැන කෝච්චිය යන තුරු නැවතී බලා උන්නෙමි… හිතු හිතු තැන කොච්චි වලට බ්රේක් ගහන්නට බැරිය. ගැහැව්වද ඒවා නතර වන්නේ  ටිකක් දුර ගොස් ය. මා උන්නේ රේල් පාර ආසන්නයේ ම ය. තවත් වාහන කිහිපයක් ම මා නොයෑම ගැන පුදුම වු වග මට මතක තියේ.

 

       දුම්රිය මාර්ගයන් දෙක මැද ඇති තීරුවේ එක්තරා පුද්ගලයෙක් ඉණට අත් තබගෙන සිටගෙන උන්නේ ය. මා සිතුවේ ම මේ මිනිසා රේල් පාරේ වැඩකරන කම්කරුවෙක් කියාය. කෝච්චිය ආවේ වංගුව පැත්තෙනි. කෝච්චියේ හඬ  මතු‍ වෙද්දි ම වාගේ මේ මිනිසා රේල් පාර අතර හිඩැසේ ඉඳගෙන තම කකුළක් ‍පීල්ල මත තැබුවේය. ඔහු සෑහීමකට පත්වන තුරු කකුළ නියමිත ආකාරයට අතින් පවා හැදුවේය… මා බැළුවේ කෝච්චිය දෙසයි.. රියදුරු අනෙකාට සිද්ධිය පෙන්වමින් කර කියා ගත නොහැකි තැනට පත් වනවා මා දුටුවෙමි… ඔවුන්ට කෝච්චිය නතර කර ගන්නට නොහැක.

 

      මා සිද්ධිය වටහා ගත් සැණින් දෙකන් දෝතින් ම වසාගෙන දෑස් පියාගෙන අනෙක් පස හැරුණෙමි… කොච්චිය යන සද්දයට අමතරව ඒ අතරින් දැඩි යමක් උඩින් අඹරාගෙන යකඩ රෝද වලින් පළමුවැන් දෙවැන්න යද්දි අමුතු හඬක් ආ බව මට ඇසිණි… පියවු කණ් වලට ඒ හඬ ඇසුණේ කෙසේදැයි මා නොදන්නා නමුත් මේ සිද්ධිය සත්තකින් ම මා අත්විඳි එකකි. මා අහක බලාගෙන ඒ රේල් පාර පැන යද්දිත් අර මිනිසා කෑ ගැසුවේ වත් කිසිවෙකු ඒ මිනිසා  ළඟට ගියේවත් නැත. එහෙත් ටික දුරක් ගොස් නැවත බලද්දි මිනිසුන් වට වී ඉන්නවා මම දුටිමි. එහෙත් කිසිවෙකු ඒ මිනිසා රෝහලට රැගෙන ගියේ නම් නැත. පසුව දැනගත් පරිදි ඒ මිනිසා විසින් මේ සිදුවීමට පෙරාතුව ත්‍රී රෝද රථයකට ගෙවා රෝහලට රැගෙන යන්නට සැලසුමක්ද කර තිබේ. ඒ මිනිසාව රෝහලට ගෙන ගොස් ඇත්තේ එසේ මිස අනතුර වු තැන රොක් වු අය විසින් නම් නොවේ…

 

      ඒ මිනිසා දුප්පත් මිනිසෙකි. කරනා රැකියාව ජිවත් වීමට නොසැහෙන නිසා හිඟා කෑමට සිතා කෝචිචියට කකුළ තබා ඇත. දැන් කකුළක් අහිමි හේ කෝචියේ හිඟාකෑම වෘත්තිය කොට ගෙන වසයි.

 

       මා මේ සිද්ධිය ලියන්නේ සිදුවීම වී බොහෝ කල් ඉක්ම ගිය කලකදිය… මා ඒ මිනිසාව දකිමි. හේ මටද අතපා සිඟමන් යදියි… මට නැ‍ඟෙන්නේ කෝපයකි… ඔහු මට භයානක සිතුවිලි කිහිපයක් අත්දකින්නට භයානක මතකයක් සිත රඳන්නට හේතුකාරකයා විය. මා සත පහක් හෝ නොදෙමි. ඒ වන් වු කකුළ් අහිමි අත් අහිමි අයට මා සතයක් හෝ නොදෙන්නේ විටක එසේ දෙන්නට තරම්  මට මුදල් නැති නිසාය… බොහෝ විට ඔවුන්ද අර කී ලෙස ව්‍යාපාරික අරමුණින් අතපය අහිමි කරගන්නට ඇතැයි මට සිතෙන නිසාය. මා යනෙන මඟ එවැන්නෝ බොහෝ වෙති. මා ඔවුන් දුටු විට අපුලෙන් ඉවත බලමි. ඒ මට මගේ දෙපා… මගේ අත් වටිනා නිසාය… මගේ අතින්, අත බලේට කෝච්චියට තැබු මිනිසෙකුට කිසි දා වතුරවත් දෙන්නට මට බැරිය… මං මගේ අත්වලට ගරු කරමි… අනෙකෙකුගේ අතක් වුවද එසේය… ඒ අනුව ඒ මිනිසාට ඒ මිනිසාගේ අතට එසේ කරන්නට අයිතියක් නැත.

 

        කවුරුන් හෝ මවක් සිය කුස ඔත් පුතු ගේ පා පහර සිනාවෙන් යුතුව ඉවසන්නට ඇති. කවුරුන් හෝ පියෙක් සිය පුතුගේ පළමු පා සටහන ගැන අභිමානයෙන් බලා ඉඳින්නට ඇති. එවන් වු පාදයක්; තමා ඔසවා ගෙන ගිය හද මියෙන්නට ප්‍රථම, මිය ගිය අරුමය… එවන් මිනිසෙකුගේ වාරුවට හැරමිටියක් වන මිය ගහක් අත්තක් පවා කළ පවට අඬනවා ඇති.

 

          අවයව විකිණිම හා යම් ආකාරයකට නෑ කම් කියන මේ සිදුවීම ඔබට කියන්නේ මිනිසුන් ජිවත් වන්නටය කියා තමන්ගේ ම මස් මාංශ පවා විකුණනා ගන්නා බව තහවුරු කරන්නට පමණක්ම නෙවේ… තවත් එවැනි මිනිසෙක් බිහි කරන්නට අත හිත දෙන්නට සිතෙන්නේ නම් නැවතත් සිතන්න කියා කියන්නටය. 

තවත් අසරණයෙක් ජිවිකාව පිණිස මේ ක්‍රමය තෝරා ගන්නේ ඔබ මෙවැන්නෙක්ට දෙන මුදල් දෙස බලා හිඳිමෙන්ය. අහෝ ජිවිත?

 

පසුව ලියමි;

අදත් කෝච්චියේ යද්දි පෙර දවස දුටුවාට වඩා මෙවන් අත පය නැති අය දැකීමි. ඒ නිසා ලිවීමි…

Wednesday, January 9, 2013

දරුවන් වැඩිහිටියන්ට සැලකිය යුතුයි යන්න රදළ වැඩවසම්වාදි අදහසක් ද?

       මං ඊයේ වෙනදා වගේම බස් එකේ එමින් ගමන් කාලයක් තිස්සේ සංයමයකින් ගෙඩනංවන ලද මගේ හැකියාවකින් ප්‍රයෝජන ගත්තා. හැකියාව තමයි “සවන් දීම”. මේක නිසා මං ගොඩාක් දේවල් ඉගෙන ගෙන තියෙනවා. විශේෂයෙන්ම මට අහන්න වඩාත් පහසු මට ඉස්සරහා ඉන්න අයගේ කතා. ඉතිං ඊයෙත් එනකොට ඇන්ටිලා‍ දෙන්නෙක් බර කතාවක්. හෝ ගාලා සායමක් අරිනවා. කාගෙද? එයාලාගෙම දරුවන්ගේ.
“අපි පුංචි කාලේ මුන්ට සැලකුවේ කෙහොමද?”
         “එක නේනන්ම් අක්කේ, අපි දරුවන්ට බැළුවට දැන් කාලේ හැදෙන දරුවෝ අපිට බලන්නේ නෑ.”
“අපි උන්ව හැදුවේ නොවිඳිනා දුක් විඳලා උන් අපිව බලා ගන්න ඕනා. කර දඩු උස්මහත් වෙලා ගැනු ගත්තට පස්සේ උන්ට අපිව මතක නෑ.”
        “දරුවෝ හැදුවට වැඩක් නෑ අක්කේ. ඒ සල්ලි වියදම් කරලා අපිට දෙයක් කර ගත්තා නම් මේ දුක නෑ.”
                 මේ කතාව අහගෙන එද්දි මට තේරුනා මේ කියන අයගේ දරුවන් විසින් මේ අයව නොසලකා හැර තිබෙනවා. ඒත් ඒ දෙන්නා ඒ වෙනුවෙන් කතා කර දේ ඇතුලේ තමයි මං මේ පෝස්ටුවේ තේමාව ගැන හිතුවේ.
 
   වැඩිහිටියන්ට සැලකීම කොයි තරම් හොදද? දරුවෝ වැඩිහිටියන්ට සලකන්න ඕනා. ඒකේ දෙක් නෑ. එතකොට මේ ලිපියෙන් මං කියන්න හදන්නේ මොකද්ද?  දැන් මං මේකෙන් හදන්නේ වැඩිහිටියන්ට සලකන්න එපා කියලා කියන්න නෙමේ.. මං මුකුත් කියන්නේ නෑ.. ඒක පුද්ගලික අදහසක්.  කියලා ඔබෙන් යමක් කරවන්න මට බෑ. කොහොම වෙතත් සමාජ ගත මතයක් තිබෙනවා දරැවෝ පුංචි කාලේ වැඩිහිටියන් විසින් රැක බලා ගන්නා නිසාත් දරුවෝ වැඩිහිටියන් වු විට කලින් හිටපු වැඩිහිටියන්ව රැක බලා ගත යුතුයි කියා. මේක සහජීවනය තුලින් ගොඩ නැ‍ඟෙන්නක් වුවත් මෙහි රදලයා හා වහලා අතර ඇති සම්බන්ධතාවයක් ඇතැයි මට සිතෙනවා. එහෙම හිතෙන්නේ දරැවන්ට කුඩා කල සැලකු නිසා ඔවුන්ගේ මුළු ජීවිත කාලය පුරාව අර රැකගත් අය රැක ගත යුතුයි කියා කියන නිසා. හරියට වලව්වේ සේවකයෝ වලව්වෙන් කාලා ඇදලා ඉන්න හංදා ජිවිත කාලය පුරාම වලව්වට සේවය කල යුතුයි කියලා කියනවා වගේ… දරුවෝ කියන්නේ වහල්ලු නෙමේ. රක්ෂණාවරණයක් නෙමේ. ඒක ආදරයක්. සෙනෙහසක්. බලෙන් නීති දාලා ඒවා අත්පත් කරගන්න බෑ.
141366-425x282-extended-family  පුංචි කාලේ ආච්චිට සියාට අම්මා තාත්තා සලකන හැටි දකින දරුවෝ නිරායාසයෙන් ඇති කර ගන්න චින්තනයක්. අද දක්නට ලැබෙන න්‍යෂ්ටික පවුල් වලින් අත්පත් කරගන්න බැරි තත්ත්වයක්. අද දරුවෝ දකින්නේ අම්මා තාත්තා එක්ක දරුවෝ විතරක් ඉන්න පවුල්. ඉතිං උන් අම්මලා තාත්තලා උනාමත් උන් ගොඩ නඟා ගන්නේ අර විදිහේ ම පවුල් තමා.
            මා හිතන්නේ මේ යුතුයි කියලා පවරන මේ කාර්යය දරුවන් කියන කොටසව සමාජ සම්මත වලින් බැඳ දැමීමක් කියලා. දරුවෝ සලකනවා නම් ඒක උන්ගේ කැමැත්ත. නොසලකනවා නම් ඒකත් උන්ගේ කැමත්ත. නමුත් ‘යුතුයි’ කියා සම්මතයක් හදාගෙන ඒක සදාචාරය කියන ඒක ඇතුලේ දාලා දරු පරම්පරාවන්ගේ කරේ එල්ලන එකත් ඒක පරම්පරාවෙන් පරම්පරාවට ගෙනියන එකත් හරිද? දරුවෝ කියන්නේ අනාගතයේ  සුරක්ෂිතභාවය තහවුරු කරන සාධකයක් ලෙස දැකිම ඇත්තෙන්ම කණගාටුදායකයි. අර දෙන්නා දරුවන්ට බනිද්දි මට මතක් උනා අපේ මාමාලාගේ ගෙදර ඉස්සර හිටියා වී කුරුල්ලෝ ජොඩුවක්. මේ දෙන්නා මං එක පාරක් නිවාඩුවට එහෙ යනකොට තමන්ගේ අළුත් කුරුළු පැටවුන්ට පියාඹන්න උගන්නනවා. ටික ටික ගෙනැත් කවලා පොවලා පියාඹන්නත් කියලා දීලා මේ පැටවුන්ට යන්න ඇරියා. සමහර වෙලාවට පැටව් ගියේ නෑ. උන්ට ටිකක් නපුරු වෙන්න උනා එතකොට.rel_survival_fittest සත්ත්ව ලෝකේ මෙහෙමයි. මොන සතාත් තමන්ගේ පැටවුන්ගෙන් යැපෙන්න බලාපොරොත්තු වන්නේ නෑ. එත් අපි අපි සත්තු නෙමේ. ඇත්ත අපි සත්තු නෙමේ. අපේ බුද්ධිය එයිට වඩා උසස්. ඒ නිසා අපි දැන ගන්න ඕනා අපේ ජීවිත හැඩ ගසා ගන්න. මෙහෙම හැඩ ගසා ගත්ත බටහිර ජීවිත නේද අර ලිවින්-ටු-ගෙදර් කියලා නස්පැත්තියක් (?) කරගහගත්තේ?  ඇත්ත එයාලා ඒක කරගත්තේ එතැනින් ගහින්. මං එත් අහන්නේ එකම පාරෙන් හැරෙන උන් දෙන්නෙක් එකම තැනට යයිද කියලා. එත් අපි දක්ෂ ගිය පාරේ යන්න නේ. ඒ හංදා අපි අපේ ටීන්ඒජස්ලා ගේ සංස්කාතිය බකල් කරන්න ඕනා නෑ. නමුත් සමාජ පරිණාමයේදි  එයාලාගේ ආර්ථිකය ශක්තිමත් වෙද්දි මේ තත්ත්වය ඇති වේවි කියන එක බැහැර කරන්නත් අපට බෑ.
                      මිනිස්සු බය වෙන්නේ මිනිස්සුන්ටමයි. එකෙක් මොකාක් හරි කියලා හදා ගත්ත දෙයකට තවත් ඒකෙක් හිස නමනවා…ඔහොම යද්දි  තවත් එකෙක් ඉන්නවා හිස නමන්න කැමති නෑ… ඌට ඕනා ඔළුව උස්සාගෙන ඉන්න. එත් මක්කා කොරන්ඩදෑ?  මාර දුකයි. අකමැත්තෙන් උනත් ඌ ඔළුව පාත් කරනවා. ඔහොම ඉස්සරහාට යද්දි එකෙක් ඉන්නවා ඌ ඔළුව පාත් කරන්න කැමතිත් නෑ… කරන්නෙත් නෑ.. ඒකට සමාජය මොකක් කිව්වත් ඒකා ගානක් ගන්නේත් නෑ. මේ කතාව කියවාගෙන එද්දි මේ ඔළුව පාත් නොකරපු ඒ එකා විප්ලවකාරයෙක් වගේ පෙනුනට ; සම්මතයට එරෙහි වෙලා දෙමාපියන්ට වැඩිහිටියන්ට සලකන්නනේ නැතිව එයාලාව අතැරලා දාන අයට අපි බනිනවා… මාත් බනිනවා. දන්න තිත්තම වචන ඒ සදහා පාවිච්චි කරලාත් තියෙනවා. ඒත් අද හිතෙනවා. ඒක ඌගේ කැමැත්ත. අසම්මතය සුන්දරයි නිර්දෝෂයි කියලා කියන්න මට ඕනා නෑ. එත් ඒ දෙවල් කවදාවත් සිදු නොවිච්ච දේ නොවේ. ඒක එයාගේ කැමැත්ත. අපේ අය විවිධ හේතු කිය කිය ජිවිතේ අඩක් ගෙවන්නේ අවිවාහකව. තුන්වැනි ලෝකයේ රටවල තරුණ තරුණියෝ අධ්‍යාපනය, මුලික අදියරේ රැකියාවන් සඳහා ජිවිතයේ මුල් දශක දෙකහාමාර තුන ගෙවන්නේ අවිවාහකව. මේ නිසා එයාලගේ දරුවෝ තරුණ වෙද්දි දෙමාපියන් විශාම ගන්නා මහල්ලෝ වෙලා. නමුත් අතීතයේ එහෙම උනේ නෑ. අඩුම තරමේ අපේ අම්මලා තාත්තලා ගාවට එනකම්ම වගේ බොහෝ දුරට අපි තරුණ වෙනකොටත් අපේ අම්මලා තාත්තලා උපයන්නෝ. එයාලාට අපට වඩා ස්ථාවරයක් තියෙනවා.  මේ අනුව බලද්දි අපි වයසට යද්දි මේ ප්‍රශ්නේ වර්ධනය වෙන්නත් පුළුවන්. දාසයෙන් දා හතෙන් බැදලා විස්ස විසි එක වෙනකොට දරුවෝ දෙතුන්දෙනෙකුත් හදාපු ඉතිහාසෙක ඉදලායි අපි අද මෙතනට ඇවිත් ඉන්නේ. ඒ කියන්නේ බටහිරට කලින් තමයි පෙරදිග යෞවනයන්ගේ විවාහ ක්‍රමයක් පැවතියේ. ඒක බිඳිලා ගියා. මොකක් නිසාද? ආර්ථික වර්ධනය උදෙසා ‍යෞවන පිරිස් යොමු කිරීම නිසා. අදත් අපේ රටවල  ඉගෙන ගන්නේ රුකියවක් කරන්න මිසක් උගත් වෙන්න නෙමේ. ඒ කියන්නේ මේ අද පවතින තත්ත්වය ඇති කරලා තියෙන්නේ මුල්‍යවාදයක් විසින්.
images
      දරු සෙනෙහස කියන්නේ මේ වගේ ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු වෙන දෙයක් ‍නොවේ. ඒක එක්තරා ආකාරයකට කොන්දේසි විරහිත විය යුතුයි. ඒ කියන්නේ හොද දරුවෙක් හදනවා කියන කොන්දේසියෙන් එහා ඉක්මවා යන්නක් නම්.. කො‍් එවන් තැනක දරු සෙනෙහසක්. දෙමාපියන්ට සැලකීම කියන්නේත් පැහැදිලිවම කොන්දේසියක් නෙමේ. ඒක අප විසින් කල යුතු අගනා කාර්යයක් මිසක් ඒක කොන්දේසියක් නෙමේ. අපි අම්මලා තාත්තලා ‍උනහම අපේ දරුවන්ට අපි බරක් නොවි උන්ට පාඩුවේ ඉන්න ඉඩ දෙන්න නම් අපි අද මහන්සි වෙලා අපේ අනාගතය හදා ගන්න ඕනා. සමහර අය කසාද බදින්නෙත් වයසට ගියාම කවුරුත් නැති වෙයි කියලා. කැරකෙන ලෝකේ අපි මෙහෙම එකතැන පල් වෙන්නේ කොහොමද?. ආයේ ටිකක් හිතන්න ඕනා.
පිපෙන්න තියෙන මල් බලෙන් පුප්පවලා බුදුන්ට පුදන අපි මේ ගැන ආයේ හිතන්න ඕනා.