රවිඳු යන්න දහවල අරන්
සඳා එන්න රැය අරන්
පිපෙන මල් පරවෙලා
සුවඳ ඉතිරි කර යන්න
මට මගේ ජිවිතේ විඳගන්න ඉඩ දෙන්න
දිය දහරට ගලන්න
ගල් කුළ මත ඉඩ තියන්න
දසත පීනා මිනා
ගඟ දිය කළඹවන්න
සකුණි ඉගිලි සරන්න
ගී ගයා සැනසෙන්න
මටත් පියඹා යන්න
ගගනත ඉඩ තියන්න
සඹද මම දහවල කෙලෙසක අරන් යන්නද??? එය මට ඔසවාගෙන යා හැකිවේදැයි මා සිත තුල ඇත්තේ සැකයකි.
ReplyDeleteසැක සිතන්නට වෙහෙස වන්නට එපා. ඒ රවිඳු ඔබ නොවන සඳ සඳා, ඔබ දන්නේ ද නැත.
Delete