Wednesday, December 12, 2012

අයි ඩොන්ට් නො වයි මෙහෙම වෙන්නේ ඇයි. ?

 

 
          නිමිත්ත: සුදුහාමිනේ දීගේ ඇරලා ගෙදර ගෙහුං කියලා ලැබිච්ච ආරංචිය.

    අපේ  රටේ නළු නිලියන් හා ගායක ගායිකාවන් ඇතුළු ජනප්‍රිය පංතිය කසාද බදිනවා ඉවරයක් නැත. නෙක නෙක තාලෙට ඇද මඟුලුත් කා පොටොත් අරන් විඩියොත් කරනවාය.

 
imadges එ අය කසාද බැන්දාට අපිට කමන් නැත. ඒ අය බදින වග ටෙලිවිසන් එකේ පත්තරේ හෝ පෙන්නනට ඕනාද? එහෙම පෙන්නුවාම ඒවා අපට පේනවාය.imiages ඒ පේන ඒවා අපි කියවනවාය. ඒවා හිතටත් දැනෙනවාය. එහෙම දැනි දැනි දනීම ඉවර වෙන්නත් කලියෙන් මේ අය දික්කසාද වෙනවාය. ඒවාත්ටෙලිවිසන් එකේ නැතත් පත්තරේ  දානවාය. ඒ පත්තරෙත් අපි බලනවාය. ඒ දික්කසාදෙත් අපේ හිතට දැනෙනවාය. මේවා හිතිලාම මට දැන් ඒ ආදි වු ජනප්‍රිය චරිත වලින් කසාද බැන්දේ කවුද දික්කසාද වුයේ කවුද කියා මතකයක් නැතිය.
මට විතරක් මේව්වා හිතෙනවා නම් කමක් නැත. ගැටයන් ගැටිස්සියන් පවා මේ නිවුස් කියවනවාය. imagges                    එවුන්ද ඒවා හිතට ගන්නවාය. ඒහෙම අරන් මා මෙන්ම නිකාආආආආආං ඉන්නවා නම් කමක් නැත. එවුන්ද පෙරේමයක් කර කසාදයක් බදිනවාය. ඒ බැඳ එවුනුත් පොටෝ ගන්නවාය... පාටිත් දානවාය. අංගවිකලෙට අදිනවාත්ය. එයින් ඉවර නම් මා හිත හදා ගන්නවාය. එහෙන් නතර වෙන්නේ නැතය. මෙවුන් දික්කසාදත් වෙනවාය. එවාට පත්‍තරෙන් එන්නේ නැත.
              ඉස්සර ඉන්ගිරිසි ජනප්‍රිය අයත් කසාද බැන්දා කියා ඉස්සර පත්තරේක තිබිණි.  පසුව ඒ අයත් මෙහෙඒඒඒඒමම දික්කසාද වී තිබේ. දැන් ඒ අය කසාද බදින්නේ නැතය. ඒ අය දික්කසාදයේ ආදීනව හඳුනා ගෙන ඇත.a දික්කසාද වෙන්නේ කසාද බැන්දොත් ය. එ නිස එයාලා පවුල් කන්නේ කසාද නොබැඳය. ඒකට කියන්නේ සිම්-පල් පැලැන් කියාය. මගේ ඉස්ගෙඩියට පේන හැටියට වෙන්නේ මේකය... කොක උනත් සුද්දාගේ කෙවිට අපේ උන්ට සුවර්ය. ඒ නිසා අපේ ඈයෝද කසාද බැදිල්ල  පැත්තකට දමා ඒ කෙවිට අල්ලා ගන්නවාය. එහෙමත් කර නිකාආආආආඅං ඉන්නවා නම් කමක් නැත.  මෙවුන් එකේ ආනිසංසේ අපේ ආච්චිලාට සියලාට අනුමෝදන් කරනවාය.  අපේ සියලා ආච්චිලා කසාද බැදලා යෑ අගේටවත් පවුල් කෑවේ කියා කියනවා මගේ මේඒඒඒඒ කන් දෙකටමදෝ කොහේදෝ ඇහුණාය. ඒක ඇහෙද්දි මගේ සෙම් කෝප වෙනවාය.   
        
එවුන් දන්නා කෙහුරක් නැත. අපේ ආච්චිලා සියලා කසාද බැන්දේ නැත්තේ ඒ කාලේ රෙජිස්ටාර් උන්දෑ හිටියේ නැති නිසාය.
imagwes
ඒ උනාට චාරිත්තරේටම සේරම කරාය. රෙජිස්ටාර් උන්නැහේ නැති හංදා දන්න කියන නෑ යකුන්ට කියා සියා ආච්චි කැන්දාගෙන එද්දි ආච්චි ඇගේ නෑ යකුන් සේරටම කියා සියා සමඟ ආවාය.

 ඒ කාේ දිත් නාහෙට අහන්ේ නැති උන් හද පානේද ගියාය. ඒහෙම ගිය අයත් චාරිත්තර අනුව දෙමාපිය වැඩිහිටියන් නැමැද කාරණය කිවෝය.
               ඒ අය බැදගත්ත බෙරේ ගැහුවෝය. ගහන්නම බැරි උනත් හිටියෝය. එහෙමත් බැරි උනොත්... ඒත් හිටියෝ ම ය.

එහෙව් රටක මෙහෙම වෙන එක මට හිතා ගන්න බැරිය.









10 comments:

  1. අනේ මන්ද මේ ගොල්ලන්ට මොනවා කියන්නද කියලා..

    ReplyDelete
    Replies
    1. ඒක නේ මං ලිපියේ නම එහෙම දැම්මේ.. අයි ත් ඩොන්ට් නෝ තමා.

      Delete
  2. හි හි... මටත් කියන්න තියෙන්නේ අයි ඩෝන්ට් නෝ වයි කියා තමාය.....

    ReplyDelete
    Replies
    1. අනේ මංදා හිරු... මේ අය මේහෙම කරලා අන්තිමේ බලන්නකෝ අපේ විවාහ සංස්කෘතිය කන කැවිල්ල. සමාජීය වශයෙන් නරක ආදර්ශයක්. මක් කරන්නද ඒ අයත් මිනිස්සු... ප්‍රශ්න එනකොට ඒවාට මුහුණ දෙන්න එයාලාටය කියලා අමුතු ක්‍රමයක් නෑ නේ. මාත් කියන්නේ අයි ඩොන්ට් නෝ තමා

      Delete
  3. ලගන්නා ශෛලියකින් ලියු අගනා පෝස්ටුවකි.වැඩි විවේචන මට තහනම්ය. ඒත් අපේ මාධ්‍ය වෙනස්විය යුතුය යන්න තදින්ම හිතට වැදුණි.ගැටලුව මාධ්‍ය යනුද අද සමාජ මෙහෙවරක් නොව ව්‍යාපාරයක් විමයි.

    ReplyDelete
    Replies
    1. මේ ශෛලියක් විදිහට පාවිච්චි කරේ අපේ කොලම් නාට්‍ය සම්ප්‍රධාය ගැන කියවපු ලිපියක් නිසා. උපහාසය දනවයි කියලා හිතුවා. ඇයි වැඩි විවේචන තහනම්... කුරුටු ගෑ හිතේ තහංචි කියලා දෙයක් එහෙමට නෑ. සභ්‍යත්වය තුළ ඉදන් කතා කරන්න අවසරයි.

      ලිව්ව කරණේ ඔබේ අතටම අසු වී ඇතැයි යන සතුට මට තිබේ. එහෙත් මේ ‍සමාජයේ පුංචි තිත් දෙකක් තේරුම් ගත් සැනින් මෙය කළ නොහැක. ඒ ඒවා පොදු ජන සේවා පරමාර්ථයෙන් නොව ව්‍යාපාර අරමුණ පෙරදැරි කර ගෙන ඇති නිසාය.

      Delete
  4. පෝස්ටුව ලියවිලා තියෙන විදිය මරු.වෙනසක් ඒක..

    පෝස්ටුවේ ලියවුනු එක ගැනනම් ඉතින් 'අයි ඩෝන්ට් නෝ වයි ' තමා.

    ReplyDelete
  5. ඇවිත් කියවලා අදහස් දැක්වුවාට ස්තූතියි ඉෂාන්.

    ඒක තමායි මටත් හිතෙන්නේ...'අයි ඩොන්ට් නෝ වයි'

    ReplyDelete
  6. මරු පෝස්ට් එක..මාරම ආසාවෙන් කියෙව්වේ සහෝ :) ජය!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිරු. ඇවිත් කියවලා අදහස් දැක්වුවාට.

      Delete