Thursday, December 13, 2012

ඇයදෝ...ඔහුදෝ...





                                        කුමුදු ලතාවේ මුදු සිනා මැවුන දා
                                        නෙළුම් තටාකේ සිත හීන දකින දා
                                        දහවලේ නැඟ ආ චන්දා
                                        ඔබ රාත්‍රියත් ගිනි තැබුවා

                                        ගයන්න ගයන්න වැරදි ගිය තනුවේ
                                        නටන්න නටන්න පද බැඳි ගිගිරි විසිරේ
                                        වයන වයන තත් ඉහිරේ
                                        ගෙල සින්ද මා ‍ප්‍රේමයේ  ‍දෙවි‍ඳේ

                                        ඔබ දෝ විසිරෙන පෙණ කැටි වෙරළේ
                                        ඔබ දෝ ගිලිහෙන මල් පෙති වසන්තයේ
                                        ඔබදෝ වැටෙනා දියබිඳු වස්සානයේ
                                        මමදෝ හඬන කඳුළ ඔබ දෑසේ

2 comments:

  1. ලස්සන නිර්මාණයක්.

    චිත්‍ර වගේම මේ හැකියාවත් හොදටම තියෙනවා නේ? එළ.. මට කවි ලියන්න බෑනේ. ඒත් චිත්‍ර නම්.. :D

    ReplyDelete
    Replies
    1. ඇවිත් කියවලා දක්වලු ප්‍රතිචාරයට ස්තූතියි ඉෂාන්.

      චිත්‍ර වගේම? හිහිහි... මං හිතන්නේ මට මේ‍ දෙකටම තව පුහුණු වෙන්න වෙයි කියලා. ඉෂාන් ඇඳපු චිත්‍රයක් දැම්මොත් මොකද...අපිටත් පුළුවන් ඉෂාන් ලියන අර ෂොක් කතා එක්ක චිත්‍රයකුත් රසවිඳින්න අපට පුළුවන් වේවි නේ. කවි ලියන්න බෑ...නිකං ලියලා බලන්න... හැම සුන්දර අදහසක්ම කවියක් තමයි. බොරු කියලා හිතෙනවා නම් ලියලාම බලන්න බොරුද කියලා. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි!


      Delete