Monday, July 16, 2012

රවිඳු යන්න දහවල අරන්
සඳා එන්න රැය අරන්

පිපෙන මල් පරවෙලා
සුවඳ ඉතිරි කර යන්න
මට මගේ ජිවිතේ විඳගන්න ඉඩ දෙන්න

දිය දහරට ගලන්න
ගල් කුළ මත ඉඩ තියන්න
දසත පීනා මිනා
ගඟ දිය කළඹවන්න

සකුණි ඉගිලි සරන්න
ගී ගයා සැනසෙන්න
මටත් පියඹා යන්න
ගගනත ඉඩ තියන්න

2 comments:

  1. සඹද මම දහවල කෙලෙසක අරන් යන්නද??? එය මට ඔසවාගෙන යා හැකිවේදැයි මා සිත තුල ඇත්තේ සැකයකි.

    ReplyDelete
    Replies
    1. සැක සිතන්නට වෙහෙස වන්නට එපා. ඒ රවිඳු ඔබ නොවන සඳ සඳා, ඔබ දන්නේ ද නැත.

      Delete