හුඟාක් දවස් මං බ්ලොග් ලියන්න ගියේ නෑ. මහපොළොවට පොස්ට් එකක් වත් දැම්මේ නෑ. හේතුව සිතිවිලි විසිරීම. හිත එක්තැන් කරන්නයි මං මේ දේ කලේ. හොරකමක් කලාට දැන් මට මගේ පැන්සලය එතරම් කීකරු නැති පවත් මා ඒ තුළ අනන්‍යතාවක් සොයන බවත් අන්තීමේදී මට වැටහුණා.කොහොම හරි මේ තමා මා සතු සංයමය... භාවනාවක් වගේ ඇඳලා ඉවර වෙන්න පුළුවන් තරම් මං ඒකට ඇබ්බැහි වෙලා හිටියා. තාමත් එහෙම තමා. නමුත් පැන්සලයත් අතත් එකට බද්ධ වෙන්නේ නෑ. එහෙම උනාම හොර කම හරියටම වෙන්නේ නෑ. එහෙම බලද්දී පැත්තකින් මෙය හොරකමක් වෙන්නෙත් නෑ. එත් මං දන්නවා ඒක මගේ අදහසක් නිසා ඇන්දා නොවේ. ඒ පිංතුරයට මට හිත ගියා. මොනාලිසා තරම්ම නැති උනත් ඇගේ සුන්දර දෙතොල මට දුන්නේ මහ වදයක්. මේ සිතුවම ඇතුලේ අදහස් දක්වන දේ අතර ප්‍රධාන වන්නේ ඇගේ දෙතොල්. ඇස් තරම් මං අඳින්න දක්ෂ නෑ දෙතොලක්. අකීකරු පැන්සල් ඇඟිලි එක්ක මං එතැන පරාදයි. කොණ්ඩය නම් මට ටිකක් විතර වෙනස් කරන්න ඕන උනා. කොහොම උනත් මං ඒක අන්තිමේ කලා. හැබැයි අන්තීමේදි මං දන්නවා ඉස්සර තරම් නම් බෑ.
http://boondionline.blogspot.com/2010/11/kavi-boondiya_8046.html මෙතනින් තමා මං ඕක දැක්කේ.
කියන්න ඕන මේකත්. ඔයාට මං කොන්දේසි දාන්නෑ. මේ පහළ තියෙන රෑපය ඔයාට පුළුවන් කොපි කරා ගන්න.(ඕන නම්) ඒත් මතක තියා ගන්න සැබෑ පැන්සල් පහර ඇත්තේ මා සතුවයි. මේ පරිගණක ගත සෙවණැල්ලක් විතරයි.
මේක ඇන්දේ 09/17 . අඳින්න ගියා පැයක් විතර. අද වෙනකොට මං හිතන්නේ මේක දුර්වලයි කියලා.මේ දෙකම පෝස්ට් කරන්න එක පිටුවකට ගෙනාවට පස්සේ මං හිතන්නේ මගේ සිතුවමේ යුරෝපීය පෘෂ්ටිමත් බව නෑ කියලා. අනික මුණ තව ටිකක් මහත් වෙලා පහත් වෙන්නත් ඕන. ඒ මුල් සිතුවමේ ඇස් තිබ්බනම් එයා බලන තැන නෙවේ මෙයා ගේ ඇස් තිබ්බා නම් තියෙන්නේ. කොහොම උනත් අනේක කවි, කතා අස්සේ චිත්‍රයක් තිබ්බට කමක් නෑ කියලා මං හිතුවා. ඒක හංදා ස්කෑන් කරා.
හරිම ලස්සනයි... චිත්‍රයක් බලා ඇදීම චිත්‍ර ඇදීමක් නොවෙයි කියලා අපේ චිත්‍ර සර් හැමදාම කිව්වා... අනිත් එක එකම චිත්‍රයක් දෙපාරක් එකම විදියට අදින්න එකම චිත්‍ර ශිල්පියාටවත් කොහෙත්ම බැරි දෙයක් කියලා ඔයා දන්නවා ඇතිනේ... අනිත් එක ශිල්පියාගේ චිත්‍ර ඥානය විතරක් නෙවෙයි.. ඇහැ, හිත සහ අත කියන තුනම ඕනෑම චිත්‍රයක් තුළ අඩංගු වෙනවා... ඔතනදි හිත වඩාත් වැදගත් වෙන්නේ අත සහ ඇහැ කියාකරන්නේ හිතට ඕනේ විදියට නිසා... ඕනෑම චිත්‍ර ශිල්පියෙකුගේ native ලක්ෂණ ඒ චිත්‍ර තුළ ගැබ්වෙනවා... ඒකයි ඔය පිරිපුන් බව නෑ වගේ පේන්නේ....
ReplyDeleteඒත් මේ වගේ අදින්න පුළුවන් වීමම ලොකු දක්ෂකමක් කියලා මම හිතනවා... දුර්වලයි කියලා හිතෙන්න පුළුවන්.. නමුත් උත්සාහය හොඳයි.. පැන්සල ඉතාම දක්ෂ ලෙස හසුරවලා තියෙනවා...
ස්තූතියි හිරු.අඳින එක නම් සුන්දරයි. සංගීතය ගැන සංගීත කාරයෝ සේම ඇඳිල්ල ගැනත් අඳින එහෙමම කියන්න පුළුවන්.
Deleteඔයා නම් සැබෑම දක්ෂයි.එක පැත්තකින් ලස්සන කවි නිර්මාණ.අනිත් අතට ලස්සන චිත්‍ර.මට බැරිම දේ තමා කවි ලියන්නයි,චිත්‍ර අදින්නයි,ගීත ගායනා කරන්නයි.හැබැයි හොදට රස විදින්න නම් පුළුවන්.නියමයි.ජය වේවා !
ReplyDeleteආ.... මං මේ ආවේ පළවෙනි වතාව වෙන්න ඔනි මට මතක විදිහට.හැම ලිපියක්ම කියෙව්වා.සමාවෙන්න කමෙන්ට් කරන්න බැරි වෙච්චි එකට.දිගටම ලියන්න.රසවිදින්න පුළුවන් ලස්සන නිර්මාණ බලාපොරොත්තු වෙනවා.ජය වේවා !
ගත වෙච්ච විනාඩි කිහිපය තුළ ඔබට ස්තූතියි කියන තුන්වෙනි වතාව වෙන්න ඕන මේ.(ඔබ එකම දවසේ මේ පුංචි සටහන් කියවා ඒවාට කමෙන්ට් කරලා තිබුණ නිසා.) ආපු පළමු වතාව ඉතාම වටිනවා..මොකද පළමු වතාව ආයෙ එන්නේ නැති නිසා.
Deleteමටත් ඔබට වගේම ගායනා කරන්න බෑ. ගායනාව කොයි තරම් නරකද කිව්වොත් අන්තිමයි. දිගටම කිව්වොත් අම්මයි නංගියි නතර කරනකම් බනින තරම්.
මොනා උනත් අන්තිමේ කියන්නේ රසය... ඒක සාපෙක්ෂයි. වින්දනීයයි..
වින්දනීය බව ස්වාධීනයි, ආවේනිකයි.
ඔබටත් ජයෙන් ජය!
අයියෝ මං ආයෙත් ආවා.මම සාමාන්‍යෙයන් කමෙන්ට්ස් කරපු බ්ලොග් වලට ඇවිත් බලනවා මොනවද රීප්ලයි කියලා.මට ඔයාගේ බ්ලොග් එක ගොඩක් හිතට ඇල්ලුවා.
Deleteස්තූතියි නැවත ඇවිත් බැළුවාට. කුරුටු ගෑ හිත ඔබේ හිත ගැනීම මටද සතුටකි ධම්මික සඳරුවන්.
Deleteපැන්සලෙන්ම ඇදලා තියෙන හින්දාද කොහේදෝ මුල් චිත්‍රයේ මුහුණේ තියෙන පිරුණු ගතිය ඇදපු එකේ දකින්නට අඩුයි. ඒ වුනාට නියමයි.. :)
ReplyDeleteඉෂාන්.. ඔබ මෙහි ආ පළමු වැන්නා. ස්තූතියි ඇවිත් ආයෙත් අදහස් දැක්වුවාට.
Deleteඇත්ත. පිරුණු ගතිය නෑ තමා.ඒක මහ අඩුවක්. වර්ණ නැති අඩුව නොවේ එතන තියෙන්නේ. මගේ පැන්සල් පහරේ වැරද්දක්. හැබැයි ඉතිං මං මුල් කෘතිය ගැන නොකිව්ව නම් ආන්න එතකොට මේ වැරද්ද ලේසියෙන් වැහෙනවා. එහෙම කලා නම් වටිනා කියන උපදෙස් ටික හම්බවෙන්නේ නෑ. නැවතත් ස්තූතියි.
හරිම අපූරුයි... චිත්‍රයට අළුතින් එක් වෙලා තියෙන අපේ බව කව්රුත් දැකලා නෑ වගේ...
ReplyDeleteදහය පන්තියට පහල පන්ති වලදි මගේ ආසම විශය වුණේ විත්‍ර... අපේ පන්තියේ දක්ෂතම විත්‍ර ශිල්පියා වුණෙත් මම... ඒකට හේතුව වුණේ මගේ විත්‍ර ගුරුතුමා... මාව විත්‍ර තරඟ වලට යවන්න එතුමා මට පින්සල් පාට පෙට්ටි අරන් දුන්නා විතරක් නෙවෙයි ඒ තරඟ තිබුන පාසල් වලටත් තරඟ තියෙන දවසට මගෙත් එක්ක පස්සෙන් ආවා... ඒ දවස්වල තිබුණේ විත්‍ර පිස්සුවක්... පාසල මාරු වුණාට පස්සේ ගුරුතුමා මාරු වුණා... සාමාන්‍යයෙන් මම කාගෙවත් වැරදි නොකියන නිසා ඊටපස්සේ වුණ දේවල් මෙතන ලියන්නේ නෑ... අද පැන්සලක් මගේ අතින් තාලෙට කොළයක් උඩ දුවන්නේ නෑ... ඒක තමා ගුරුතුමා මාරූ වීමේ අවසන් ප්‍රතිඵලේ... මම මේ කතාව මෙතන ලිව්වේ ඒකෙන් මම තේරුම් ගත්ත දේ කියන්න... කවදාවත් තමන්ගේ දක්ෂතාවක් අතහරින්න හොඳ නෑ... ඒ දේම එල්ලිලා ඉන්න තරමට තමා අපිට ඒ දක්ෂතාව පිහිටන්නේ... උපතින් ගෙනා දක්ෂතාවක් වුණත් භාවිතයේ නැත්නම් මොට වෙනවා...
විත්‍රය නම් හරිම ලස්සණයි... මේක අළුත් විත්‍රයක්... මේකෙ තියෙන්නේ අළුත් ගතිගුණ... ඔබේ අනන්‍යතාව... ඒ නිසා කවදාවත් කලින් විත්‍රය එක්ක මේ අළුත් විත්‍රය සන්සන්දනය කරන්න යන්න එපා...
වචන නෑ....මාරම මාර ලස්සනයි.
ReplyDeleteජයම වෙන්න ඕන!
ඔබ වැනි සුන්දර හඩක් ඇති සොහොයුරියකගෙන් එය අසන්නට ලැබීම සතුටක් හිරු.
Delete