Wednesday, January 9, 2013

දරුවන් වැඩිහිටියන්ට සැලකිය යුතුයි යන්න රදළ වැඩවසම්වාදි අදහසක් ද?

       මං ඊයේ වෙනදා වගේම බස් එකේ එමින් ගමන් කාලයක් තිස්සේ සංයමයකින් ගෙඩනංවන ලද මගේ හැකියාවකින් ප්‍රයෝජන ගත්තා. හැකියාව තමයි “සවන් දීම”. මේක නිසා මං ගොඩාක් දේවල් ඉගෙන ගෙන තියෙනවා. විශේෂයෙන්ම මට අහන්න වඩාත් පහසු මට ඉස්සරහා ඉන්න අයගේ කතා. ඉතිං ඊයෙත් එනකොට ඇන්ටිලා‍ දෙන්නෙක් බර කතාවක්. හෝ ගාලා සායමක් අරිනවා. කාගෙද? එයාලාගෙම දරුවන්ගේ.
“අපි පුංචි කාලේ මුන්ට සැලකුවේ කෙහොමද?”
         “එක නේනන්ම් අක්කේ, අපි දරුවන්ට බැළුවට දැන් කාලේ හැදෙන දරුවෝ අපිට බලන්නේ නෑ.”
“අපි උන්ව හැදුවේ නොවිඳිනා දුක් විඳලා උන් අපිව බලා ගන්න ඕනා. කර දඩු උස්මහත් වෙලා ගැනු ගත්තට පස්සේ උන්ට අපිව මතක නෑ.”
        “දරුවෝ හැදුවට වැඩක් නෑ අක්කේ. ඒ සල්ලි වියදම් කරලා අපිට දෙයක් කර ගත්තා නම් මේ දුක නෑ.”
                 මේ කතාව අහගෙන එද්දි මට තේරුනා මේ කියන අයගේ දරුවන් විසින් මේ අයව නොසලකා හැර තිබෙනවා. ඒත් ඒ දෙන්නා ඒ වෙනුවෙන් කතා කර දේ ඇතුලේ තමයි මං මේ පෝස්ටුවේ තේමාව ගැන හිතුවේ.
 
   වැඩිහිටියන්ට සැලකීම කොයි තරම් හොදද? දරුවෝ වැඩිහිටියන්ට සලකන්න ඕනා. ඒකේ දෙක් නෑ. එතකොට මේ ලිපියෙන් මං කියන්න හදන්නේ මොකද්ද?  දැන් මං මේකෙන් හදන්නේ වැඩිහිටියන්ට සලකන්න එපා කියලා කියන්න නෙමේ.. මං මුකුත් කියන්නේ නෑ.. ඒක පුද්ගලික අදහසක්.  කියලා ඔබෙන් යමක් කරවන්න මට බෑ. කොහොම වෙතත් සමාජ ගත මතයක් තිබෙනවා දරැවෝ පුංචි කාලේ වැඩිහිටියන් විසින් රැක බලා ගන්නා නිසාත් දරුවෝ වැඩිහිටියන් වු විට කලින් හිටපු වැඩිහිටියන්ව රැක බලා ගත යුතුයි කියා. මේක සහජීවනය තුලින් ගොඩ නැ‍ඟෙන්නක් වුවත් මෙහි රදලයා හා වහලා අතර ඇති සම්බන්ධතාවයක් ඇතැයි මට සිතෙනවා. එහෙම හිතෙන්නේ දරැවන්ට කුඩා කල සැලකු නිසා ඔවුන්ගේ මුළු ජීවිත කාලය පුරාව අර රැකගත් අය රැක ගත යුතුයි කියා කියන නිසා. හරියට වලව්වේ සේවකයෝ වලව්වෙන් කාලා ඇදලා ඉන්න හංදා ජිවිත කාලය පුරාම වලව්වට සේවය කල යුතුයි කියලා කියනවා වගේ… දරුවෝ කියන්නේ වහල්ලු නෙමේ. රක්ෂණාවරණයක් නෙමේ. ඒක ආදරයක්. සෙනෙහසක්. බලෙන් නීති දාලා ඒවා අත්පත් කරගන්න බෑ.
141366-425x282-extended-family  පුංචි කාලේ ආච්චිට සියාට අම්මා තාත්තා සලකන හැටි දකින දරුවෝ නිරායාසයෙන් ඇති කර ගන්න චින්තනයක්. අද දක්නට ලැබෙන න්‍යෂ්ටික පවුල් වලින් අත්පත් කරගන්න බැරි තත්ත්වයක්. අද දරුවෝ දකින්නේ අම්මා තාත්තා එක්ක දරුවෝ විතරක් ඉන්න පවුල්. ඉතිං උන් අම්මලා තාත්තලා උනාමත් උන් ගොඩ නඟා ගන්නේ අර විදිහේ ම පවුල් තමා.
            මා හිතන්නේ මේ යුතුයි කියලා පවරන මේ කාර්යය දරුවන් කියන කොටසව සමාජ සම්මත වලින් බැඳ දැමීමක් කියලා. දරුවෝ සලකනවා නම් ඒක උන්ගේ කැමැත්ත. නොසලකනවා නම් ඒකත් උන්ගේ කැමත්ත. නමුත් ‘යුතුයි’ කියා සම්මතයක් හදාගෙන ඒක සදාචාරය කියන ඒක ඇතුලේ දාලා දරු පරම්පරාවන්ගේ කරේ එල්ලන එකත් ඒක පරම්පරාවෙන් පරම්පරාවට ගෙනියන එකත් හරිද? දරුවෝ කියන්නේ අනාගතයේ  සුරක්ෂිතභාවය තහවුරු කරන සාධකයක් ලෙස දැකිම ඇත්තෙන්ම කණගාටුදායකයි. අර දෙන්නා දරුවන්ට බනිද්දි මට මතක් උනා අපේ මාමාලාගේ ගෙදර ඉස්සර හිටියා වී කුරුල්ලෝ ජොඩුවක්. මේ දෙන්නා මං එක පාරක් නිවාඩුවට එහෙ යනකොට තමන්ගේ අළුත් කුරුළු පැටවුන්ට පියාඹන්න උගන්නනවා. ටික ටික ගෙනැත් කවලා පොවලා පියාඹන්නත් කියලා දීලා මේ පැටවුන්ට යන්න ඇරියා. සමහර වෙලාවට පැටව් ගියේ නෑ. උන්ට ටිකක් නපුරු වෙන්න උනා එතකොට.rel_survival_fittest සත්ත්ව ලෝකේ මෙහෙමයි. මොන සතාත් තමන්ගේ පැටවුන්ගෙන් යැපෙන්න බලාපොරොත්තු වන්නේ නෑ. එත් අපි අපි සත්තු නෙමේ. ඇත්ත අපි සත්තු නෙමේ. අපේ බුද්ධිය එයිට වඩා උසස්. ඒ නිසා අපි දැන ගන්න ඕනා අපේ ජීවිත හැඩ ගසා ගන්න. මෙහෙම හැඩ ගසා ගත්ත බටහිර ජීවිත නේද අර ලිවින්-ටු-ගෙදර් කියලා නස්පැත්තියක් (?) කරගහගත්තේ?  ඇත්ත එයාලා ඒක කරගත්තේ එතැනින් ගහින්. මං එත් අහන්නේ එකම පාරෙන් හැරෙන උන් දෙන්නෙක් එකම තැනට යයිද කියලා. එත් අපි දක්ෂ ගිය පාරේ යන්න නේ. ඒ හංදා අපි අපේ ටීන්ඒජස්ලා ගේ සංස්කාතිය බකල් කරන්න ඕනා නෑ. නමුත් සමාජ පරිණාමයේදි  එයාලාගේ ආර්ථිකය ශක්තිමත් වෙද්දි මේ තත්ත්වය ඇති වේවි කියන එක බැහැර කරන්නත් අපට බෑ.
                      මිනිස්සු බය වෙන්නේ මිනිස්සුන්ටමයි. එකෙක් මොකාක් හරි කියලා හදා ගත්ත දෙයකට තවත් ඒකෙක් හිස නමනවා…ඔහොම යද්දි  තවත් එකෙක් ඉන්නවා හිස නමන්න කැමති නෑ… ඌට ඕනා ඔළුව උස්සාගෙන ඉන්න. එත් මක්කා කොරන්ඩදෑ?  මාර දුකයි. අකමැත්තෙන් උනත් ඌ ඔළුව පාත් කරනවා. ඔහොම ඉස්සරහාට යද්දි එකෙක් ඉන්නවා ඌ ඔළුව පාත් කරන්න කැමතිත් නෑ… කරන්නෙත් නෑ.. ඒකට සමාජය මොකක් කිව්වත් ඒකා ගානක් ගන්නේත් නෑ. මේ කතාව කියවාගෙන එද්දි මේ ඔළුව පාත් නොකරපු ඒ එකා විප්ලවකාරයෙක් වගේ පෙනුනට ; සම්මතයට එරෙහි වෙලා දෙමාපියන්ට වැඩිහිටියන්ට සලකන්නනේ නැතිව එයාලාව අතැරලා දාන අයට අපි බනිනවා… මාත් බනිනවා. දන්න තිත්තම වචන ඒ සදහා පාවිච්චි කරලාත් තියෙනවා. ඒත් අද හිතෙනවා. ඒක ඌගේ කැමැත්ත. අසම්මතය සුන්දරයි නිර්දෝෂයි කියලා කියන්න මට ඕනා නෑ. එත් ඒ දෙවල් කවදාවත් සිදු නොවිච්ච දේ නොවේ. ඒක එයාගේ කැමැත්ත. අපේ අය විවිධ හේතු කිය කිය ජිවිතේ අඩක් ගෙවන්නේ අවිවාහකව. තුන්වැනි ලෝකයේ රටවල තරුණ තරුණියෝ අධ්‍යාපනය, මුලික අදියරේ රැකියාවන් සඳහා ජිවිතයේ මුල් දශක දෙකහාමාර තුන ගෙවන්නේ අවිවාහකව. මේ නිසා එයාලගේ දරුවෝ තරුණ වෙද්දි දෙමාපියන් විශාම ගන්නා මහල්ලෝ වෙලා. නමුත් අතීතයේ එහෙම උනේ නෑ. අඩුම තරමේ අපේ අම්මලා තාත්තලා ගාවට එනකම්ම වගේ බොහෝ දුරට අපි තරුණ වෙනකොටත් අපේ අම්මලා තාත්තලා උපයන්නෝ. එයාලාට අපට වඩා ස්ථාවරයක් තියෙනවා.  මේ අනුව බලද්දි අපි වයසට යද්දි මේ ප්‍රශ්නේ වර්ධනය වෙන්නත් පුළුවන්. දාසයෙන් දා හතෙන් බැදලා විස්ස විසි එක වෙනකොට දරුවෝ දෙතුන්දෙනෙකුත් හදාපු ඉතිහාසෙක ඉදලායි අපි අද මෙතනට ඇවිත් ඉන්නේ. ඒ කියන්නේ බටහිරට කලින් තමයි පෙරදිග යෞවනයන්ගේ විවාහ ක්‍රමයක් පැවතියේ. ඒක බිඳිලා ගියා. මොකක් නිසාද? ආර්ථික වර්ධනය උදෙසා ‍යෞවන පිරිස් යොමු කිරීම නිසා. අදත් අපේ රටවල  ඉගෙන ගන්නේ රුකියවක් කරන්න මිසක් උගත් වෙන්න නෙමේ. ඒ කියන්නේ මේ අද පවතින තත්ත්වය ඇති කරලා තියෙන්නේ මුල්‍යවාදයක් විසින්.
images
      දරු සෙනෙහස කියන්නේ මේ වගේ ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු වෙන දෙයක් ‍නොවේ. ඒක එක්තරා ආකාරයකට කොන්දේසි විරහිත විය යුතුයි. ඒ කියන්නේ හොද දරුවෙක් හදනවා කියන කොන්දේසියෙන් එහා ඉක්මවා යන්නක් නම්.. කො‍් එවන් තැනක දරු සෙනෙහසක්. දෙමාපියන්ට සැලකීම කියන්නේත් පැහැදිලිවම කොන්දේසියක් නෙමේ. ඒක අප විසින් කල යුතු අගනා කාර්යයක් මිසක් ඒක කොන්දේසියක් නෙමේ. අපි අම්මලා තාත්තලා ‍උනහම අපේ දරුවන්ට අපි බරක් නොවි උන්ට පාඩුවේ ඉන්න ඉඩ දෙන්න නම් අපි අද මහන්සි වෙලා අපේ අනාගතය හදා ගන්න ඕනා. සමහර අය කසාද බදින්නෙත් වයසට ගියාම කවුරුත් නැති වෙයි කියලා. කැරකෙන ලෝකේ අපි මෙහෙම එකතැන පල් වෙන්නේ කොහොමද?. ආයේ ටිකක් හිතන්න ඕනා.
පිපෙන්න තියෙන මල් බලෙන් පුප්පවලා බුදුන්ට පුදන අපි මේ ගැන ආයේ හිතන්න ඕනා.

11 comments:

  1. //පිපෙන්න තියෙන මල් බලෙන් පුප්පවලා බුදුන්ට පුදන අපි මේ ගැන ආයේ හිතන්න ඕනා.//

    නියම කතාව.. .

    අපේ අම්මලා මායි මල්ලියි පොඩි කාලේ ඉඳලම කිව්වේ උඹලා අපි ගැන බලන්න ඕනේ නෑ... අපි අපි ගැන බලා ගන්නම්.. කියලා.. අඩු ගානේ හැමදාම කිව්වා ගෙවල් දෙරවල් හදාගනිල්ලා, මේ ගේ ලියන්නේ නෑ දෙන්නටම කියලා... එහෙම කළේ එයාලා අපි සලකන්නේ නැතුව ඉඳියි කියලා හිතාගෙන නෙවෙයි.. අපි ස්ථාවර වෙන්න ඕ‌ෙන කියලා.. නමුත් මං දන්නවා සමහර අම්මලා බලාපොරොත්තු වෙනවා පුතා තමන් ගාව ඉඳයි කියලා.. ලේලි කෙනෙක් ගෙනාවම අම්ම පුතාට වැඩි සැලකුම් කරන්න ගිහින් ලේලිත් එක්ක ආරවුල් ඇතිකර ගන්නවා..

    මං නං කියන්‌ෙන් අවශ්‍ය කාලයට දරුවන්ට කූඩුවෙන් පියාඹලා යන්න දෙන්න දෙන්න ඕනේ.. එහෙම උනාම අනිවාර්‌යයෙන්ම දෙමවිපියන්ට අවශ්‍ය වෙලාවට දරුවෝ ආපහු හිටියා වගේම, දරු මල්ලොත් උස්සගෙන දෙමව්පියෝ ළඟට එනවා.. අර වගේ රණ්ඩු ඇති කරගත්තාම ඉතුරු වෙන්නේ තරහක්, වෛරයක්, හිත් රීදිමක් විතරයි.... එහෙම උනාම අවශ්‍ය වෙලාවටත් ප්‍රශ්න විතරයි ඇති වෙන්නේ.. දරුවන්ට තමන්‌ෙග ජීවිතේ නිදහස දෙන්න ඕනේ... ( අර පරණ ආච්චිලා සීයලා එක්ක ඉන්න තත්වය දැන් නැති නිසා.. ඇත්තම කියනවා නම් මම ඒකටත් කැමති නෑ.. හි හි)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාගේ හිරු ප්‍රතිචාරයට.
      හිරුගේ අම්මයි තාත්තායි වගේ හිතන්න පුළුවන් දෙමාපියන් තමයි අවැසි වන්නේ. එත් කෝ කට්ටිය තාම සුදානම් නෑ නේ එතන්ට එන්න.

      ඔව්. ඔව්. පියඹලා යන්න ඉඩ දෙන්න ඕනා තමා. උන්ට හැප්පෙන්න තැලෙන්න පොඩි වෙන්න ඉගෙන ගන්න ඉඩ දෙන්න ඕනා. වානේ පන්නරය ලබන්නේ එහෙමනේ. දියමන්ති හැදෙන්නේ එහෙමනේ.

      මං කියන්නේ ආච්චිලා සීයලා එක්ක ඉන්න ලොකු පවුල් වලට ආපහු යන්න ඕනි කියලා නෙමේ. එත් අපි ඒ අය ගැන දරුවන්ගේ ආකල්ප සකස් කරන්න ඕනා. අපි අවුරුද්දට ගිහින් බිම වැටිච්ච එකක් අහුලනවා වගේ නැතුව හොදට දණ ගහලා වැදලා දරුවන්ටත් එහෙම කරන්න කියා දෙන්න ඕනා. ආච්චි අම්මාගෙන් කතන්දර අහන්න පොඩි උන්ට ඉඩ දෙන්න ඕනා. පොඩි එකා නිදිය ගන්නකම් අම්මා ටීවි බලන්න නෙවි අඩු ගානේ දන්න තාලෙන් නැලවිල්ලක් කියන්න ඕනා. එතකොට එයාලා නිදා ගන්නේ සංයමයකින්. අර කවි අහ අහ.මේ ලොකේ පුංචි පුංචි දේවල් කොච්චරක්ද නේද?.

      Delete

  2. තනිකරම ඇත්ත කතාවක් , ළමයා හැදෙන පරිසර රටාව අනුව තමයි එයාගේ අනාගත තීරණ, චර්යා තීරණ වෙන්නේ ,

    අර තියෙන්නේ බබල හම්බ වෙන වාට්ටු වල ගහල ,
    එක එක විදියට ජිවත් වෙන දරුවා පුරුදු වෙන දේවල් , මට ඒ ටික මතක නැහැ,

    ළමා මනස සුන්දර විදියට හදලා , එයාගේ පරිසර රටවේදී අනිත් අයත් ඒ විදියට හැසිරුනා නම් අනාගතේදී ඔහොම කතාවක් ඇති වෙන්න විදියක් නැහැ ,

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නොහික්මුණු ඇසේ ප්‍රතිචාරයට.
      හි හි .ඩයලොග් එකෙන් අනාගතය අදයි කියන්නේ ඒක වෙන්න ඇති...

      Delete
  3. මට දැන් වෙලාවක් නැහැ පස්සේ කියවන්න එන්නම්..
    වදගත් ලිපියක් ..ඔය වගේ අද්දැකීමක් මගේ වෙන්ඩ ( හිටපු )
    නැන්දටත් තිබ්බ .පසුව එන්නම් වෙලාව නැහැ ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හරි ආවටත් ඇවිත් ප්‍රතිචාරයක් දැක්වුවාටත්.

      Delete
  4. ඉතාම ගැඹුරු අර්ථයක් තිබෙන ලිපියක්. පලවෙනි පාර කියෙව්වා, හැබැයි මෙලෝ දෙයක් තේරුනේ නැහැ. දෙවැනි පාර කිව්වමයි අදහස තේරුම් ගියේ. මට හිතෙන හැටියට වයසට ගිය දෙමාපියන්ට සැලකීම අපේ රටේ සම්මත වෙච්ච දෙයක්. අපේ සමාජය, ආර්ථිකය හැටියට වයසක දෙමාපියන්ට තනියම ඉන්න අමාරුයි.දරුවන්, මුණුපුරන් එක්ක ගෙවන ජිවිතයට දෙමාපියන් ආසයි. බටහිර රටවල සම්මතය වෙනස් එකක්. දරුවන් යන්තමින් 18 පැන්න ගමන් දෙමාපියන්ගෙන් වෙන් වෙනවා. ඒ දෙමාපියන්ගේද කැමැත්තෙන්. දරුවන්ගෙන් නිදහස් වුනු දෙමාපියන් caravan වල නැගල රට වටේ යනවා, වීවිධ දේ ඉගෙන ගන්නවා, තමන්ට ඇවිදගන්න බැරි වෙනකොට වැඩිහිටි නිවාසයකට යනවා. මේවට ආණ්ඩුවෙන් ගෙවනවා. ඒක උන්ගේ අම්මතය .සම්මතයෙන් පිට පනින්න පුළුවන්.හබැයි ඒක දරුවන්ට වගේම දෙමව්පියන්ටත් කරදරයක්. මට හිතෙන හැටියට ලංකාවේ දරුවන් දෙමාපියන්ව වැඩිහිටි නිවාස වලට අරින එකත්, බරහිර රටවල දෙමාපියන් ගෙදර තියාගන්න හදන එකත් එක වගේ සම්මතය බිදීමක්. ඒක වැරදී. ඔබ මොකද හිතන්නේ?

    ReplyDelete
    Replies
    1. සම්මතය කියන්නේ සාපේක්ෂ දෙයක්. ඒක හංදා මට සාපේක්ෂව හරියන දේ තවත් අයෙක්ට වැරදි වෙන්න පුළුවන්. අපේ මිනිස්සු තමන්ගේ නිවස එක්ක හරි ආදරෙන් බැඳිලා ඉන්නවා. ඒක හංදා ගෙදරින් එළියට දානවා කියන්නේ නොසලකා හැරිමටත් වඩා අපේ අයට බැරෑරුම් දෙයක්. ඒක හංදා මගේ රටේදි නම් දෙමාපියන් ගෙදර ඉන්න එක හොදයි කියන තැනයි සමාජය පසුවෙන්නේ. එත් බටහිර හැමවෙලේම නිදහස් වාදීන්ගෙන්(?) පිරිලා ගිහින්. එයාලා අපිට වඩා අල්පේච්ඡයි ඒ අතින්. ඉතිං අපි බත් ඕනා අයට පාන් දිලා පාන් ඕනා අයට බත් දෙන එකෙන් වෙන්නේ එකෙක්ගේවත් බඩ පිරෙන්නේ නැති එකනේ.
      ඒක හංදා මේ කියන සම්මතය බිදිම නම් ඇත්තෙන්ම වැරදියි තමයි.

      ස්තූතියි මේ පැත්තේ ආව ට.

      Delete
  5. කියන්න දේවල් බොහොමයි... ඒත් හිතට නිදහසක් නෑ ගලපලා කියන්න... කාලෙකින් ආවේ මේ පැත්තේ... ලිපිය නම් කියෙව්වා මුල ඉදන් අගටම... අපිට හිතේ තියෙන දේ කියන්න තියෙන්නේ සීමිත වචන ටිකක්නේ... ඒකෙනුත් මගේ ඔළුවේ තියෙන්නේ බගෙකටත් අඩු වචන ටිකක්... ඒ නිසා මේකට උත්තර දෙන්න ගියොත් අක්කා මාව තේරුම් ගත්තත් අනිත් අය මාව වැරදියට හිතනවා... හිතේ තියෙන දේ 100%ක් කියවෙලා නැති නිසා... මං වැඩි කතාබහක් නැති කෙනෙක් නිසා ඔය ප්‍රශ්නෙට ගොඩක් මූණදීලා තියෙනවා... වචන ගලපන්න දන්නේ නැති නිසා.... ඒ නිසා වැඩි යමක් නොකිය පෝස්ට් එකේ තියෙන දේවල් වලට මම එකඟයි කියලා විතරක් කියන්නම්... ඒ වචන ටික ඇතුළේ ගොඩක් දේ තියෙනවා... ජය වේවා...

    ReplyDelete
    Replies
    1. අළුත් මල්ලි ගොඩාක් දවසකින් තමයි. ඇයි සීමීත වචන ටිකක් කියන්නේ? මේ පොස්ටුව වගේ දෙගුණයක් දිග උනත් ක්මෙන්ට් එක ලියන්න තියෙන දේ ලියන්න මල්ලි. ඒකේ කිසිම අවුලක් නෑ. මේ ඉඩේ දිග පලළ ගැන මං සීමාවක නෑ.

      ආයෙත් වෙලාවක ඇවිත් හිතෙන දේ කියලා යන්න.
      සුබ දවසක් මල්ලි!

      Delete
  6. ටෙම්ප්ලේට් එක ලස්සණයි අක්කෝ... දාලා ගොඩක් කල්ද දන්නේ නෑ... ආවේ දැන්නේ කාලෙකින්... ඒ නිසා දැක්කේ අද ...
    සුභ දිනක්...

    ReplyDelete