Wednesday, October 17, 2012

  

 
නිවි නිවි දැල්වෙන පහනක එළියෙන්
ලතැවෙන හදවත දෙනෙතින් මතුවේ
අඳුරෙන් මතුවෙන සඳ නොවු රැයකදි
ඔබේ උවනත දෙනෙතෙහි පාවේ


පායා හිනැහි ආ දා මතු වී
සිහිවන මොහොතේ ඔබ නැත සතු වී
ජීවන දහරේ පිපි නෙළුමක් වී
ඔබ පසු කර ‍දිවියමගතවෙද්දී


කඳුළක ලියවුණු පෙම්බර පුවතක
නටඹුන් මැද මා තව තව තනිවෙන
මතකෙක ලියවුණු මා සිත ගෙන
දිරි ගෙන දිලිසේ හිරු හෙට දිනයක











7 comments:

  1. හිතට දැනුනා ගොඩක් හිතේ තියන අවුල් එක්කම,,

    ReplyDelete
  2. හිරු ආවට ස්තූතියි මේ වෙලාවේ. මොකද්ද අර ලියලා තිවුනේ... කොහොම උනත් කා එක්ක හරි කතා කරන්න පුළුවන් නම් හොදයි. කියන්න බැරි නම් කොලේක සේරම ලියලා දාන්න. කෙන්තියක් නම් තියෙන්නේ කොලේ හොදට ගුලි කරලා පොඩි කරලා ගිනි තියලාදාන්න. දුකක් නම් අයන් කලා වගේ තියලා ගිනිතියලා දාන්න..මං එහෙම කරලා තියෙනවා. නැත්නම් දෙයක් හිතා ගන්නම බැරි නම් සේරම හොදම යාළුවෙක්ට කියන්නා වගේ ලියලා ඒක ඔයාගේ නමට තැපැල් කරන්න.. ලියුම එනකම් මුකුත් කරන්න එපා.ලියුම එනකම් බලාගෙන ඉන්න...

    ටිකක් හරි හිත පාදා ගන්න පුළුවන්.

    ජය වේවා හිරු!

    ReplyDelete
    Replies
    1. ඔයාට ගොඩක්ම ස්තුතියි යාලුවේ..ඔබේ ෆේස්බුක් ෆෑන් පේජ් එකක් තියෙනවද?තියනවා නම් මගේ පේජ් එකට මැසේජ් එකක් දාල තියන්න..බොහොම ස්තුතියි..කෙනෙක් වෙනුවෙන් මේ විදිහට දෙයක් ලියන යාළුවො හරි අඩුයි! ජයම වේවා ඔබට,

      Delete
    2. නෑ හිරු. මං නෑ. එත් මං මෙතන ඉන්නවා.. මටත් කොලයක් ලියලා ගිනිතියලා දාන්න හිතුණොත් ලියුමක් ලියා ගන්න හිතුණොත් මිසක් මං මෙතන නිතරම වගේ ගැවසෙන තැනක්. ඉතිං මේ මගේ ‍පේජ් එක. ඒක ෆෑන්ලා ටත් ඇවිත් යන්න පුළුවන් තැනක්.

      Delete
    3. :) හරි :) :)

      Delete
  3. අපූරු කවියක්... හිතටම දැනුනා මේකනම්... සුභ දවසක්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අළුත් මල්ලි ආවටත් සීපද සොෆ්ට්වෙයාර් එකටත්. මං එකෙන් පද පිළිවෙලට පෙළට ලිව්වේ. හිතට දැනෙන වෙලාවක මං මේක ගයන්න උත්සාහා කරලා තියෙනවා.'සදකඩ පහණක කැටයම්' සිංදුව වගේ ගයන්න ඇත්නම් අගෙයි. එත් ප්‍රේක්ෂක ප්‍රතිචාර දහසක් මැද වැඩිදුර කියන්න හම්බ වෙන්නේ නෑ. කවදා ගයන්නද? සිංදු කියන්නවත් දන්නේ නෑනේ.
      සුබ දවසක් !

      Delete