Monday, October 1, 2012

මගේ හිත් ගත් චරිතයක් - 01


                  මේ ඉන්නේ Twilight චිත්‍රපටයේ බෙලාගේ චරිතය කරපු  Kristen Stewart   කියන නිලිය. අපෝ ඇඳලා ඉවර වෙලා අමාරුවෙන් ස්කෑන් කරා ගත්තට පස්සේ නේ පෙන්නේ මේකේ වැරදි. කමක් නෑ. ඉස්සෙල්ලා එකේ කොච්චරක් වැරදි තිබ්බත් ඒක හොදයි කියලා කුරුටු හිත කියවන අයගේ අදහස් වලින් තේරුණා. ඉතිං මං හිතුවා මේකත් දාන්න. මේ දවස් හරි නිවාඩුයි. ඒ නිසා එක තැනක ඉඳන් කරන දේවල් වලට වෙලාවක් ලැබෙනවා.

23 comments:

  1. නිර්මාණය ගොඩක් ලස්සනයි .....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ළහිරු මුදිත්.

      Delete
  2. වචන නැහැ..මාරම දක්ෂයි ඔයා..
    ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරු. ඔයාටත් ජයෙන් ජයම වේවා

      Delete
  3. පොඩි වෙනස්කම් ටිකක් පේනවා තමා.... ප්‍රොපෝෂන් අවුලක් තියෙන්නේ...
    ඔයාගේ පැන්සල හැසිරවීම උපරිම හොඳයි.... තව ටිකක් ඇහැ හුරු කරගත්තා නම් ඔය අවුල හරි යනවා....

    පණ්ඩිතයා වගේ ඔයාට කිව්වට මට ඔ‌ෙහාම වත් ඇඳගන්න බෑ.. හි හි....

    ReplyDelete
    Replies
    1. මේකනේ එකම එකක් දිහා දිගටම බලන් ඉන්න ගිහාම ඒකේ වැරදි පේනනේ නෑ. ස්කෑන් කරන්න ටවුමට ගිහින් ගෙදර ඇවිත් බලද්දි වැරදි පේනවා.

      ඇත්ත විචාරකයන් කියන්නේ විචාරකයින්ට. ඒ හංදා අඳින්න බැරි උනා කියලා අවුලක් නෑ. ඔය කියන වැරදි මං හදා ගන්නවා. බොහොම ස්තූතියි හිරු අදහස් වලට.

      Delete
  4. Replies
    1. බොහොම ස්තූතියි ඉෂාන්

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හොඳයි... ඇත්තටම මාර ලස්සණයි... චිත්‍ර ප්‍රදර්ශණයක් තියන්නේ නැද්ද?

      Delete
    2. බොහොම ස්තූතියි අළුත් මල්ලි. අනේ මං චිත්‍ර ප්‍රදර්ෂන තියන්න? කෙරෙන වැඩක් නෙවේ... මං පාට කරන්න දන්නේ නෑනේ.ඒක හරි කම්මැලියි මට. ඒක හංදා අදින්න වෙන්නේ පැන්සල් ඉරිම තමා.අනික මං එච්චර දක්ෂ කෙනෙක් නොවේ. ඇදලා ටික වෙලාවක් යද්දි මට ම වැරදි පේනවා. මං ගාව එච්චර චිත්‍රත් නෑ. ඉතිං ඒ කියන්නේ ප්‍රදර්ෂනය කරන්න වෙන්නේ කුරුටු ගෑ හිතේ තමා.

      Delete
    3. මෙතන මම කියන්න ඕන දේ "මම සොරකමක් කලෙමි" පෝස්ට් එකට මම දැම්ම... ආයෙමත් බලන්නකෝ... ජය වේවා...

      Delete
    4. ඇත්ත ඇත්ත! අළුත් මල්ලි හරි ඒත් මං ප්‍රදර්ශනයක් කරන්න නම් හිතලා නෑ. ඒත් මං තරඟ කරන්නේ අර ඇත්ත රූපේ තියෙන දේවල් එක්ක. ඇත්ත එක්ක හැප්පුනාම බොර්ව විනාශ වෙනවා. ඉතුරු වෙන දේ පවතිනවා. ඒකයි සංසන්දනය කරන්නේ. එතකොට මං කවදා හරි ලස්සනටම ඇත්තටම සිතුවම් කරාවි. නැද්ද?

      Delete
    5. ඒක නම් ඇත්ත... ඒත් මෙහෙම දෙයක් තියෙනවා නේද? බදාම ටිකක් අනලා දෙන්න කිව්වොත් ඒ දේ මේ ලෝකේ කව්රු උනත් කරයි... මාත් කාලයක් කළා... ඒත් මේසන් බාස් වැඩක් කරන්න කිව්වොත් ඒ දේ හැමෝටම කරන්න පුලුවන්ද? ඒක කරන්න පුලුවන් ඒ දේ පිහිටලා තියෙන කෙනෙකුට විතරයි... ඒ නිසා තමන්ට පිහිටලා තියෙන දක්ෂතාවේ උපරිම මට්ටමට යන්න ඕන... ඔබේ දක්ෂතා හතර පහක්ම මම මේ බ්ලොග් එක ඇතුළේ දැක්කා... ඉතින් ඒවා ගෙදරට විතරක් සීමා වෙන එක හරිද? නව නිර්මාණ කරන අය ඒ දේවල් නිර්මාණය කරලා තමන්ගේ ගෙදර තියාගෙන හිටියා නම් අපි තවම ගල්ගුහා ඇතුළේ ඉඳියි... ඔබ කරන දෙයින් ප්‍රතිලාභ ලබන්නේ ඔබ විතරක් නෙවෙයි... මුළු ලෝකෙම... ඔබට මේ ලෝකෙ මිනිස්සු දුවන කෙලවරක් නොපෙනෙන තරඟයේ දුවන්න අවශ්‍යතාවක් නැති වෙන්න පුළුවන්... ඒත් අපේ ජීවිත ඉක්මනට ගෙවිලා යනවා... අපි මනුෂ්‍යයන් වෙනුවෙන් කරන පරිත්‍යාග විතරයි වයසට ගිය දවසක සුන්දර මතකයන් වෙන්නේ... ඒ නිසා අනුන් ගැන හිතලා හරි ඔබේ දක්ෂතා එළිදක්වන එක වඩාත් යෝග්‍යයි කියලා මම යෝජනා කරන්නේ...

      Delete
    6. මේ ඉඩ මං වෙන් කරා ගත්තේම මට ඕන දේ කියන්නයි. ඒ වගේම ඉඩක් දුන්නා බලන අයට බලන්නත්, කියන අයට කියන්නත්. මං තාමත් ගෙවන්නේ සංක්‍රාන්ති යුගයක්. ඔබ වගේ සමාජ-වාදි සිතුවිලි තිබ්බට ඒවායින් මට උනේ නැතිවීම්. මං මගෙයි කියන ආත්මාර්ථය වෙනුවෙන් කටයුතු කරන්න මට දැන් හිතෙනවා. එහෙම කටයුතු කරපු උන් ආදර්ශමත්ව ඒ මඟ පෙන්නලා දීලා තියෙනවා.

      අපි ජීවත් වෙන ටික කාලේ ඇතුලේ මහ ගොඩකට හොදක් වෙනවාට වඩා නොමළ ලෙස හිත් ටිකක් ඇතුලේ ජීවත් වෙන්න මං ආසයි. මේ මාව දන්න අයගේ හිත් වල.

      පරිත්‍යාගයන් නේද? මගේ ජීවිතේ ලස්සනම දේ පරිත්‍යාගයක් නොවේ. ආත්මාර්ථයක්. මගේ ආදරය පරිත්‍යාගයක් නොවේ. එය සම්පුර්ණ ආත්මාර්ථයක්. මං දන්නවා මං ආච්චි කෙනෙක් උ‍නත් ඒ මතකයන් තරම් මට වෙන දෙයක් සුන්දර වෙන්නේ නෑ. මොකද ඊට වඩා උඩක් මගේ ලෝකේ නෑ.

      මංදා අළුත් මල්ලිත් මට පිස්සියක් කියයිද කියලා. අපේ තාත්තා මට කියන්නේ නිතරම එහෙම. ඒත් මං හිතන්නේ මේ වගේ.

      Delete
    7. කතාව ඇත්ත... අනුන්ට බණ කිව්වට මමත් ජීවත් වෙන්නේ ඔය විදිහට තමා... ඒක එහෙම වුණේ මගෙන් උදව් ගත්ත අය මට කරපු වැරදි නිසා... එතන වැරදි ඒකද නැත්නම් අපි එයාලගෙන් යම් හොඳ බලාපොරොත්තු වුණ එකද කියලා නම් පැහැදිලි නෑ... කොහොම වුණත් ඒවා නෑදෑයන්ගේ හා සමාජයේ වැරදි මිසක් අපේ වැරදි නෙවෙයි... දැන් ඉතින් මේ කතාව නතර කරමු... තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න එක කෝකටත් හොඳයි තමා...

      Delete
    8. අපිට ජිවත් වෙන්න බෑ හුඟාක් අය එක්ක ඇත්ත රුපෙන්. ඒ ඒ අය එක්ක ජීවත් වෙන්න වෙන්නේ ඒ අය අපිව බලාපොරොත්තු වෙන විදිහට කියලා මං හිතනවා. නමුත් මං හුඟාක් උත්සහ කලා මං මං විදිහටම ඉන්න. එත් කුණාටු වලදි නැමුණේ නැති මහ ගස් උනත් ඉදිරිලා වැටෙනවා.කිසිම දෙයක් අනිත් අයගෙන් බලාපොරොත්තු වෙන්නැති එක කරන්න තරමක් අමාරුයි. එත් කලොත් අපි දිනුම්. මං තාමත් එහෙම බැළුවම මේ අමාරු කම ජය අරන් නෑ.

      තමන්ගේ පාඩුවේ ඉන්නත් සෑහෙන සංයමයක් අවශ්‍යයි. ඒකත් මට නෑ...ගැනු කොහොමත් තමන්ගේ පාඩුවේ ඉන්න ජාතියක් නොවෙයි නේ. ‍

      ආයෙත් දවසක ඇවිත් යන්න එන්න! සුබ දවසක්.

      Delete
  6. අඩේ...මරුනේ....මම හිතුවේ උඩින් තියෙන්නේ මුල් පින්තුරය කියලා...නියමයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මානවක. මගෙත් මේ උත්සාහය මුල් කෘතියට සාධාරණයක් කරන්න තමා.

      Delete
  7. මගේ බලාපොරොත්තු ඉටු කරනවා නියමෙට ඈ.

    ReplyDelete
    Replies
    1. අදහසට ස්තුතියි ධම්මික සඳරුවන්.
      ඒත් ඇත්තම කිව්වොත් අදහස පැහැදිලි නෑ. ඇත්තටම කුමක්ද ඔබේ බලාපොරොත්තුව... ආයේ අපු වෙලාවක කියලා යන්න.

      Delete
  8. පිස්සු හැදෙනවනේ , මාරම ලස්සනයි , අත්ත්ට්ටම මම මේ වගේ අදින්න පුළුවන් දැකල තියෙන්නේ කීප දෙනයිනේ , මම ඉතින් ඒ අයට ආසයි , මොකද මට කොහොමවත්ම අදින්න බැහැනේ :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට. මං තාමත් හොද චිත්‍ර ශිල්පියෙක් නෙවෙයි.. එත් ඇත්තෙන්ම මෙහෙම කිව්වම විශ්වාසයක් ගොඩ නැ‍ඟෙනවා.

      Delete