Tuesday, September 25, 2012

නියගයක් දැනේ මට






මේ කාලය හරි දුෂ්කරයි... නියං සමයක්. ලියන්න හිතේ තිබුණට පුද්ගලිකත්වය කියන කට්ට ඇතුලේ ඉදන් ලියන්න අමාරුයි. එත් මේක ලියන්න හිතන්නේ ලියන්නැතුව ඉන්න හුඟාක් උත්සහ කරලා මං පැරදුන නිසා.  ජීවිතේ පශ්චාත් තාපයක් එක්කහු වෙලා. දැන් හරි උණුසුමක් දැනෙනව.
මං ඉස්කොලේ යන දවස් මට මතක් වෙනවා. ඉස්කෝල කියක්ද? හතරක්. මුල් දෙකම මාව දන්නෑ. පන්තියේ කොනේ හිටපු හෙරක්... කවදාවත් ගෙදර වැඩක් කලේ නෑ. විභාගයක් උනත් පාඩම් කලේ නෑ.. ලකුණු පනහකට වඩා ගත්තෙත් නෑ. ඒ කාලේ ගැන මට දුකක් නැත්තේ පස්සේ මා තුළ වැඩුණු දේවල් ඒ අලස කාලකණ්නි කම හේතුවෙන්ම බිහි වෙච්ච හංදා.
දවසක් ආවා... ගම දාලා යන. කිසිම හැඟිමක් ඉතුරු වෙලා තිබ්බේ නෑ. මං පොඩි කෙල්ලක් එතකොට. පුංචි වත්කම් හිමිවීම් පවා අහිමි වෙලා තිබුණා. අරන් යන්න මතකයක් වත් තිබ්බේ නෑ. අපි ආවේ ‍ගෙදර අම්මා ගාවට,.. පොඩි මාමා ළඟට. ඒ එනකොට මං මුකුත් ගෙනාවේ නැති හංදාම මං ඒ වෙන කොටත් පාසල් ජීවිතෙන් වසරක් මඟ හැරිය හිංදාම මට පාසලක් ලැබුණ් නෑ. අම්මා හරියට මහන්සි උනා... විදුහල්පතිවරුන් ඉදිරියේ කිව්වා මෙයා හරි දක්ෂයි... කොහොම  හරි විභාගේ පාස් වෙවි වගේ කතා. මට බය හිතුණා... මං දන්නවානේ මං බුරුවෙක්.කොහොම හරි වාර පහක් නිකං හිටියට පස්සේ ඉස්කොලයක් ලැබුණා. මං වාර විභාග පාස් නොවුණොත් අම්මට කවදාවත් මුණ දෙන්න බැරි තරම් අම්මා මාව වර්ණා කලා... ඒ ඉස්කෙලේ ළමයි මාව ගනන් ගත්තේත් බුරුවෙක් ගානට. අන්න එතනින් මං පටන් ගත්තා. දහයේ පංතියේදි..දෙවැනි වාරෙදි.. මං පටන් ගත්තා.
හුස්මක් නෙගෙන ආව ගමනක් වගේ මං උපාධියකින් වැඩේ නතර කලේ... මට මාව විශ්වාසයි... දන්න දේට වඩා නොදන්න දේ බොහොමයි. එත්... එත් මං ගැන හැමෝම කියන්නේ මං හොදයි කියලා... ඒ මතු පිටට. කවුරුත් මට පිහි පාර අනින්නේ පිටට. වාසනාව පෙනි පෙනි අහිමි වෙනවා. මුකුත් කර ගන්න බැරිව දණ ගාපු අය අද මාව පහු කරන් ගිහින්. සේරමලා වගේ ගිහින්. ඇයි මං මෙතන ඉන්නේ...
මට තේරුමක් නෑ. මේක මට දැන් ඇති වෙලා. කවදාකවත් පළමු පෙළ සමාර්ථයක් මට ඕන උනේ නෑ. එකත් මගේ මොඩ කම වෙන්න ඇති.. ගත්ත පෙලියෙයි අරකෙයි තියෙන්නේ අලි කෙස් ගහක්. දුකේ බෑ... දැන් කියන්නේ ම පළමු පෙළට වැටුන්නැත්තේ මගේ තියෙන අභාග්‍යයකට ලු...  කොහොමටවත් මට එහෙම හිතෙන්නෑනේ. මං අහනවාද අනේ මං මේක ගත්තේ මේක හොදයිද කියලා. නෑ කවදාවත් අහන්නෑ.  මං අත්පත් කරගත්තේ මට ඕන දේ. මට ඕන දේ මං උපරිමයෙන් ගත්තා. ඒත් මුන් කියන්නේ මට අහිමි උනා කියලා. ඇත්ත එහෙම මං ගැන හිතන එක නම් අභග්‍යයක්.
දැන් හැමෝම මං දිහා බලන්නේ සතෙක් ගාණට. අපි හිටියේ එකම කුලකයක. ඒත් අද ඒ අය නරඹන්නෝ.. මං .. මං තමා දර්ශනය.  මං යන්නේ කොහේද කියලා මං දන්නේ නෑ.  හැමදාම  දේශනේ දි මලාක් වගේ පාඩම් ඉගෙන ගත්ත අය අතරේ මං කතා කලා. තර්ක කලා. උත්තර දීලා නිරුත්තර කලා.. අද මම මං ඉස්සරහාම ඉදන් ඉන්නෙත් නිරුත්තරව. මගේම පිළිඹිබුව මට විහිළුවක් වගේ...
අද මට අනන්‍යතාවයක් නැති වෙලා. මං මොකෙද්ද කියලා මගෙන්ම අහන අසීරු තැනක මාව තියලා. මං මගේ ස්ත්‍රීත්වයට ගරු කරනවා... එය මට වැදගත් වෙන්නේ මට මං විදිහට ජීවත් වෙන්න බෑ පිරිමියෙක් උනා නම්. දැන් කියන්නේ එක්කෝ මං ගැහැනියක් සේ නැතිනම් පිරිමියෙකු සේ පාක්ෂික විය යුතුයි ලු. මට එන්නේ පුදුම ආත්මානුකම්පාවක්.. මං ගැන නෙමේ මට මෙහෙම කියන අය ගැන. කරාබු දෙකක් කෙල්ලෙක්ගේ කනේ තියෙන්නම ඕනද? මං හිතන්නෑ. කෙල්ලෙක් උනාම හැම වෙලාවෙම මෘදු වෙන්නත් ඕනද? මං හිතන්නෑ... මං එහෙම මෘදු වෙන්න ඕනයි කියලා හිතන තැනකදි එහෙම ඉන්නවා. නමුත් කැපොත්තෙක් දැක්කත් හූ තියන්න ඕනද? රොස පාටටම ලඝු වෙන්න ඕනද? ඒන එන මොස්තරේ අදින්න ඕනද? කෙලින් ගහපු ඉරක් වගේ පිළිවෙළක් ඕනද? ඒ විකාර මට කොරන්න බෑ. මං එහෙම ලාමක වෙලා බෑ. පවුලක වැඩිමලා මං. මං රෝස සුරංගනාවක් උනොත් කොහොමද?
මොකෝ බැරි ඒ ජීවිතේ සැපක්. වෙහෙසක් නෑ.. එත් මං මහන්සි වෙනවා ජීවිතේ ගොඩ නඟන්න. එකක් දෙකක් අහන්න පුළුවන්. ඒත් හැමදාම කියන කොට මඟ අරින්න අමාරුයි. කොහොම කලත් එයාලා කියන්නේ දැන් මං ගන්දබ්බයෙක්. ඒකා මොකද කරන්නේ. ආයේ ඉපදෙන්න තැනක් හොයනවා.
හුඟාක් වෙහෛස වුණා. ඒත් අද ඒක පුස්සක් වෙලා. ඇයි මං වෙහෙස උනේ කියලා එයාලා මට හිතන්න ඉඩ අරන් දීලා. මාත් මේ හිතන්නේ ඇයි මං මේ තරම් දුර මේ මාවතේ ගියේ යන්නේ කියලා. මටත් ඕන පටන් ගන්න.. හැබැයි මං පටන් ගත්තේත් හුඟාක් කලින්. ඍජු ගමනක්. මට මාව විනාශ නොකර ඒ ගමන යන්න බෑ කියලා පෙන්නන්න ගොඩාක් අය මහන්සි වෙනවා. එත් මං වෙනස් උනෙත් එයාලා නෙමේ මට නේද මාව නැති වෙන්නේ..
ඒකයි මේක හරි අමාරු දුෂ්කර කාලයක් කියන්නේ.

16 comments:

  1. හ්ම්ම්.....අපූරු ලියවිල්ලක් යාලු..
    ජය!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිරු. ඔයාගේ පැත්තේ ගියේ නෑ හුඟක් දවසකින්. එන්න ඕන. ඒත් මේ නියං සායේ ඒවා අමතක වෙනව. ඉක්මනින් වැහි වැටේටි.ජයෙන් ජය!

      Delete
  2. ඇත්තටම බොහොම වටින ලිපියක් ..“අන්න එතනින් මං පටන් ගත්තා. දහයේ පංතියේදි..දෙවැනි වාරෙදි.. මං පටන් ගත්තා.
    හුස්මක් නෙගෙන ආව ගමනක් වගේ මං උපාධියකින් වැඩේ නතර කලේ... මට මාව විශ්වාසයි... දන්න දේට වඩා නොදන්න දේ බොහොමයි. එත්... එත් මං ගැන හැමෝම කියන්නේ මං හොදයි කියලා... ඒ මතු පිටට“ ....මට නම් හිතට දැනුනම අකුරු ටික. ..

    ලස්සනයි , දිගටම ලියන්න , අපි එනවා කියවන්නට , යමක් අරගන්නට ..
    ස්තුතියි

    ReplyDelete
    Replies
    1. පුළුවන් නම් මේ word verification අයින් කරන්න ..මොකද කොමෙන්ට් එකක් දාන්න ගියාම ටිකක් කරදරයි ..

      ස්තුතියි

      Delete
    2. වටිනවා කියන වචනේ හරි බරයි... ජීවිතේ වටිනාකම් මං අත්පත් කර ගත්තු, ඒ වටිනාකම් මං පරිස්සම් කරපු දැන් තක්සේරුවට ලක් වෙනවා.අවටත් කියෙව්වටත් ස්තූතියි. කියලා ඉවරවෙලා මං ගියේ ලොකු සැහැල්ලුවකින්.

      දැන් ආයේ කමෙන්ට් ලියද්දි කරදර වෙන්න ඕන නෑ. මං ඒක අයින් කලා.ස්තූතියි දැනුවත් කලාට.

      Delete
  3. කිසිම කෙනෙක් කිසිම දේකට පරක්කු නෑ.., ඒ මම හිතන හැටි.., මොකද මගේ නෑයෝ මම ඉස්සරහ මට බනලා තියෙනවා, අම්මලා තාත්තලාගේ සල්ලි නාස්ති කරන එකෙක් විදියට., අපරාදේ ඉස්කෝලේකට දැම්මේ වගේ දේවල් කියලා, ඒත් ඒ අයගේ දරුවෝ අද වෙනකොට කුමක් හෝ අහගන්න, නොතේරෙන යමක් ඉගෙන ගන්න එන්නේ මගේ ගාවට.., කාලය කියන්නේ තමන්ගේ වයස මනින ඒකකයක් විතරයි.., ඒ ඒකකයට අනුකූලව අපිට හැඩ ගැහෙන්න පුලුවන්නම් හොඳයි.., ඒත් ඊට පරක්කු උනා කියලා ඒක ඒ තරම් ගැටලුවක් වෙන්නේ නෑ..!
    ඉක්මන් කොටයි කියනවානේ මම අනුගමනය කරන්නේ අන්න ඒ වෘතය..!
    පහසුයි ලේසියි, අලස සුවය විඳිමින් මම යන ගමනේදී අනික් අයට නොපෙනෙන දේවල් බොහොමයක් මට පේනවා, ඒ මම ඔවුන්ට වඩා දුරින් පැහැදිලිව පේන උස් තැනක ඉන්නව නිසා.., ඒ අය අමතක කර දමා යන දේවල් මම හෙමීට අහුල ගන්නවා.., හරියට පොඩි දරුවෙක් වෙරළේ සිප්පි කටු ඇහිඳිනවා වාගේ..!
    ජය!

    ප.ලි: රචනා රීතිය මනරම්, මේ බ්ලොග් තනිවෙන්න දෙන්නට එපා..!

    ReplyDelete
    Replies
    1. හමින් යන එක හොදයි තමයි. වෙහෙසක් නැතිව නිවි හැනහිල්ලේ යන්න පුළුවන් කමක් තියාගෙන මොකට දුවනවාද. ඒත් සමහර කතා හරි විසයි. ඒවා ගොඩකින් මට ලොකු විඩාවක් දැනුණා. ඒකයි මේක ලියවෙන්නේ.. මගේ හිත හරි සැහැල්ලුයි මේක ලිව්වට පස්සේ. රචනා රීතීය... එක හරි නිදහසේ ලිව්වා මිසක් ඒ ගැන හිතුන්නෑ. මං මහන්සි වෙන්නේ මගේ භාෂාව ටිකක් වියත් බසක් කර ගන්න. එත් මට ව්‍යාකරණ රිති අමතක වෙනවා.
      ස්තූතියි අදහස් වලට.

      Delete
  4. ජීවිතේ කටුකයි... කටුකත්වය මැදින් ඉදිරියට ගිය ජීවිතේ සුන්දරයි... මට නම් එහෙමයි... මාස ගානක ඉඳන් උදේට මම මොකුත් කන්නේ නෑ... නැති කමටම නෙවෙයි... තවත් දෙමාපියන්ට බරක් වෙන්න බැරි කමට... මගේ දෙයින් මම නැගි සිටින්න ඕන නිසා... ඒක ලොකු කම නෙවෙයි... මගේ හැටියට මගේ පුළුවන්කම... අනුන්ගේ කම්පියුටරේකින් හරි මම බ්ලොග් එකක් පටන් අරන් මේ වෙනකොට කරගෙන යනවා... කවදා හරි මේවා සුන්දර මතකයන් වේවි... ඔයාගේ ජීවිතේ මටත් වඩා සුන්දරයි... මට ඒක පේනවා... දැනෙනවා...

    ReplyDelete
    Replies
    1. අළුත් මල්ලීගේ අම්මා දන්නවා නම් ඔය කතාව මං හිතන්නේ ඇය බනිනවා.. අම්මලා එහෙමයි‍...බරක් වෙන්නේ නෑ දරුවෝ කවදාවත්. ඒත් ස්වාඡින වෙන්න..නැඟිටින්න හිතට දුකක් දැනෙන්න අරින්න. අන්තිමේ සතුටු හිතෙයි. මාත් කාලයක් අහාර වර්ජනයක් කලා. ඒ පංති ගාස්තු ගෙවා ගන්න. මට අද සතුටුයි. ඒ ගෙව්ව ගෙවිල්ල හංදා මං මං උනා.අළුත් මල්ලිගේ බ්ලොග් එක කරන්න වෙන මහන්සියට සතුටුයි. මොකද සමහරු බ්ලොග් ලියලා ලියන්නේ මහ එපා කරපු දේවල්. ජීවිතේ සුන්දරයි තමා...කවදා හරි මේ දේවල් හොද එකතුවක් වෙවි. නැද්ද? පුංචි මිණිබිරියකට මුණුබුරෙකුට කියන්න හොද කතා ටිකක් ඉතුරු වෙවි...

      Delete
    2. හ්ම්ම්... ඒකනම් ඇත්ත..එයාලට කිව්වොත් නම් මොන දුක විඳලා හරි සල්ලි හොයලා දෙනවා... ඒ නිසාමයි නොකියන්නේත්...ඔහොම තමයි ජීවිතේ නේද?

      Delete
    3. ජීවතේ යුද්ධයක් කියන්නේ මේකට තමා. මැරෙන්න බැරි කඩු කිණිසි නැති එකක්. කවුරුවත් මරන්නේ නෑ..අපිම මැරෙනවා. එත් අතාරින්න එපා. කොහොමත් දන්න අවසානේ නේ අපට ලැබෙන්නේ. හයේ හතරේ ඉඩමට යන්න කලින් පුළුවන් තරම් අභියෝග වලට පහර දෙමු. දෙමව්පියෝ හරියට අපේ යුද්ධය අප වෙන්වෙනුන් කරන නිර්භීත සෙබළු. එයාලාගේ මහන්සියට දෙන වටිනාකමම තමා අපේ ජීවිත වල වටිනා කම.

      Delete
  5. /////මට මාව විනාශ නොකර ඒ ගමන යන්න බෑ කියලා පෙන්නන්න ගොඩාක් අය මහන්සි වෙනවා. එත් මං වෙනස් උනෙත් එයාලා නෙමේ මට නේද මාව නැති වෙන්නේ..///

    මට වෙන මුකුත් කියන්න බෑ.. මේ ටික මගෙම කතාව...
    මේ ගැන හිතත්දි හිතට එන ආවේගයත් එක්ක ලියලා තියෙන විදිය අපූරුයි...

    ඔන්න මං අදයි මේ පැත්තේ ආවේ....

    ReplyDelete
    Replies
    1. අපි මේ දේවල් බ්ලොග් එකකවත් ලියනවා.ඒත් ලියා ගන්න කියාගන්න බැරි අයත් ඇති. දෙයක් බෙදා ගත්තම දැනෙන සැහැල්ලුව මට දැන් දැනෙනවා. ඉතිං බෙදා ගත්තට මගේ කාන්සිය මා ඔබට ස්තූති වන්ත වෙනවා.

      Delete
  6. හ්ම්... හොද ලිපියක්.මං ඔබ තරම් උත්මහා වන්තව කටයුතු කරල නම් නෑ.හැබැයි ඒ කරන කාලේ උනත් අපේ කකුල් වලින් අදින්න බලාගෙන හිටපු අයත් ඕනෑ තරම් උන්නා.විශේෂයෙන්ම යාළුවෝ.

    ReplyDelete
    Replies
    1. උත්සහය..මං උත්සහ කලා කියලාද කියන්නේ? ඔව් ඒකට එහෙමත් කියන්න පුළුවන්. හැබැයි ඊට වඩා මේ ගමනට මුල් වෙච්ච තවත් කරුණු ටිකක් තියෙනවා. කියලා ඉවර කරන්න මං තාම හිත හදා ගත්තේ නැති ඒ හැම එකක්ම මිටකට ගත්තහම ඒවට කියන්න පුළුවන් එකම දේ 'අවබෝධය' කියලා යි මට හිතෙන්නේ.

      යාළුවෝ.. ඒ ගැන මං අදත් හිතනවා. එයාලා හොල්මන් වගේ. ඒ හංදා එයාලා දැකලා මාත් හොල්මන් වෙලා ගිහින්. මට හිතෙන්නේ එහෙම. එත් එයාලා ගැන කතා කරන්න මේ කාලේ ටිකක් පහු කරන්න ඕන.

      ස්තූතියි ඇවිත් අදහස් දැක්වුවාට

      Delete