Thursday, December 13, 2012
ඇයදෝ...ඔහුදෝ...
කුමුදු ලතාවේ මුදු සිනා මැවුන දා
නෙළුම් තටාකේ සිත හීන දකින දා
දහවලේ නැඟ ආ චන්දා
ඔබ රාත්‍රියත් ගිනි තැබුවා
ගයන්න ගයන්න වැරදි ගිය තනුවේ
නටන්න නටන්න පද බැඳි ගිගිරි විසිරේ
වයන වයන තත් ඉහිරේ
ගෙල සින්ද මා ප්‍රේමයේ දෙවිඳේ
ඔබ දෝ විසිරෙන පෙණ කැටි වෙරළේ
ඔබ දෝ ගිලිහෙන මල් පෙති වසන්තයේ
ඔබදෝ වැටෙනා දියබිඳු වස්සානයේ
මමදෝ හඬන කඳුළ ඔබ දෑසේ
Wednesday, December 12, 2012
අයි ඩොන්ට් නො වයි මෙහෙම වෙන්නේ ඇයි. ?
නිමිත්ත: සුදුහාමිනේ දීගේ ඇරලා ගෙදර ගෙහුං කියලා ලැබිච්ච ආරංචිය.
අපේ රටේ නළු නිලියන් හා ගායක ගායිකාවන් ඇතුළු ජනප්‍රිය පංතිය කසාද බදිනවා ඉවරයක් නැත. නෙක නෙක තාලෙට ඇද මඟුලුත් කා පොටොත් අරන් විඩියොත් කරනවාය.
මට විතරක් මේව්වා හිතෙනවා නම් කමක් නැත. ගැටයන් ගැටිස්සියන් පවා මේ නිවුස් කියවනවාය.
ඉස්සර ඉන්ගිරිසි ජනප්‍රිය අයත් කසාද බැන්දා කියා ඉස්සර පත්තරේක තිබිණි. පසුව ඒ අයත් මෙහෙඒඒඒඒමම දික්කසාද වී තිබේ. දැන් ඒ අය කසාද බදින්නේ නැතය. ඒ අය දික්කසාදයේ ආදීනව හඳුනා ගෙන ඇත.
එවුන් දන්නා කෙහුරක් නැත. අපේ ආච්චිලා සියලා කසාද බැන්දේ නැත්තේ ඒ කාලේ රෙජිස්ටාර් උන්දෑ හිටියේ නැති නිසාය.
ඒ උනාට චාරිත්තරේටම සේරම කරාය. රෙජිස්ටාර් උන්නැහේ නැති හංදා දන්න කියන නෑ යකුන්ට කියා සියා ආච්චි කැන්දාගෙන එද්දි ආච්චි ඇගේ නෑ යකුන් සේරටම කියා සියා සමඟ ආවාය.
ඒ කාලේ දිත් නාහෙට අහන්නේ නැති උන් හද පානේද ගියාය. ඒහෙම ගිය අයත් චාරිත්තර අනුව දෙමාපිය වැඩිහිටියන් නැමැද කාරණය කිවෝය.
ඒ අය බැදගත්ත බෙරේ ගැහුවෝය. ගහන්නම බැරි උනත් හිටියෝය. එහෙමත් බැරි උනොත්... ඒත් හිටියෝ ම ය.
Subscribe to:
Posts (Atom)
