| නිවි නිවි දැල්වෙන පහනක | එළියෙන් |
| ලතැවෙන හදවත දෙනෙතින් | මතුවේ |
| අඳුරෙන් මතුවෙන සඳ නොවු | රැයකදි |
| ඔබේ උවනත දෙනෙතෙහි | පාවේ |
| පායා හිනැහි ආ දා | මතු වී |
| සිහිවන මොහොතේ ඔබ නැත | සතු වී |
| ජීවන දහරේ පිපි නෙළුමක් | වී |
| ඔබ පසු කර දිවියම | ගතවෙද්දී |
| කඳුළක ලියවුණු පෙම්බර | පුවතක |
| නටඹුන් මැද මා තව තව | තනිවෙන |
| මතකෙක ලියවුණු මා සිත | ගෙන |
| දිරි ගෙන දිලිසේ හිරු හෙට | දිනයක |
Wednesday, October 17, 2012
Monday, October 1, 2012
මගේ හිත් ගත් චරිතයක් - 01
මේ ඉන්නේ Twilight චිත්රපටයේ බෙලාගේ චරිතය කරපු Kristen Stewart කියන නිලිය. අපෝ ඇඳලා ඉවර වෙලා අමාරුවෙන් ස්කෑන් කරා ගත්තට පස්සේ නේ පෙන්නේ මේකේ වැරදි. කමක් නෑ. ඉස්සෙල්ලා එකේ කොච්චරක් වැරදි තිබ්බත් ඒක හොදයි කියලා කුරුටු හිත කියවන අයගේ අදහස් වලින් තේරුණා. ඉතිං මං හිතුවා මේකත් දාන්න. මේ දවස් හරි නිවාඩුයි. ඒ නිසා එක තැනක ඉඳන් කරන දේවල් වලට වෙලාවක් ලැබෙනවා.
Subscribe to:
Posts (Atom)
