Thursday, February 6, 2014

෴ ....යලි ලියන්නට සිතිමි....෴







           පහුගිය වර්ෂයකට ආසන්න කාලයක් මං බ්ලොග් කියවීමත් ලිවීමත් අතැර දැමීමි. බ්ලොග් ලියවිල්ල එපා විය. කියවීම වෙහෙසකර විය. මා අන්තර් ජාලය පුරා අයාලායේ යමින් උන්නෙමි. අත්දැකිම් හා අත්විඳිම් රාශියක් සමඟ මා යලි මගේ බ්ලොග් දෙස බලමි. ඒවා පෙරලා මා දෙස බලන්නේ දුක්බරවය. ඒවා දකිද්දි මට දුකය. කුරුටු ගෑ හිතේ ලියන්නට බෙහෝ දේ පිරි ඇත. එත් ඒවා පුද්ගලිකරණය තුළ ලොවට ලෙහා දැක්වීමේ හැකියාවක් මට නැත.


            එහෙත් ලියමි... සිතා උන් තරම් සමහර යක්කුන් කළු නැත. සුදුත් නැත. මිනිස්සු පුදුමාකර තරම් දුක අලවි කරන්නෝ වෙති. මවාපාන්නෝ වෙති. මුණු පොතේ වසරක සංචාරයකින් පසු කියමි. එහි තිබෙන පුරුෂොත්තමවාදයත් දුක් විඳින අයියලාගේ චරිතත් ගැන මට වේලාවකට හිනාය. ඇත්තටම අපි සියළු දෙනා දුක් උසුලන්නෝ වෙති. එහෙත් පපඩම් සේ පිම්මුනු කර්ණ රසායන චරිත මවන බාල ගුණ ඇති මිනිසුන් ගැන, ඔවුන්ගෙන් සෑඳුනු බිලියන 7ක් ඉක්මවු ජනකාය ගැන මට නම් අපුලය.

           රෝසවාදි නංගිලා ගැනත් මට ඇත්තේ දුකමය. ඔවුන් ඇත්තටම පියරු බබීලාය. එහෙම නැත්නම් තොත්ත බබීලාය. කෙල්ලෝ කෙල්ලන්ට පිළිනොගන්නා මතුරු ඇරයුම් කොල්ලන් කළ විට පිළිගනී. ඔවුන් එක්තරා ආකාරයකට වර්ගවාදි ය. එහෙත් මා හෙටත් අනිද්දාත් එහි සැරසරමි. එයින් බෙහෝ දේ උගත හැකිය. බොහෝ දේ දැකිය හැකිය. මා අහුලාගත් චරිත ලක්ෂණ යොදා කතාවක් පිළියල කරන්නට හැකි නම් කියා සිතේ. එවැන්නකට අවැසි තරම් ඉන්ධන මා සතු වුවත් හැකියාවක් නැතිකම නිසා පසුබට වෙමි. මුහුණු පොත අන්තර්ජාලයේ අත්දැකිම් අහුලන්නෙකුට ඇති හොදම තැනකි. එත් මා වඩාත් විමසිලිමත් වෙමින් උන්නෙමි. නුහුරු නුපුරුදු සැරිසරන්නෝ පහසු ගොදුරු බවට පත්වන කැලෑ නීතිය කොතැනත් පොදුය. 

           ජිවිතේ කියන්නට අහන්නට ඊට වඩා දේ කොතෙකුත් තිබිණි. පසුගිය වසර පුරා මා දිගින් දිගටම ක්‍රමයෙන් පතුළ අපාය දෙසට ඇදෙනා නිම්නයකට වැටෙමින් උන්නෙමි. දැන් මා ආයෙත් ජිවිතය දිගේ පියමන් කරන්නෙමි. ජිවිතය ආත්මාර්ථකාමි ලෙස වැළගෙන සිටිමි. දුක් අලෙවි කරන්නට මා කැමති නැත. මා විඳි දුක් මගේ මිස වෙන කෙනෙකුට කියා තවා ගන්නට තරම් නොවන දෙයක් යැයි මා සිතමි.

            ගැහැනුන්ගේ හදවත් පුදුමාකාර යැයි පිරිමි කියති. මගේ හිත හරි පුදුම වන්නේ මා ගැහැනු ආත්මයක් උපතින් ලද නිසාදැයි නොදනිමි. එහෙත් විටෙක මට මා ගැනම පුදුම සිතේ. වල ගෙඩැලි සමඟ ගෙවෙන ජිවිතේ හිත කුරුටු ගාන්නට මට සිතේ. එය පුදුමයක් නොවුනත් මගේ මේ බ්ලොග් පිටුව දිගින් දිගට ලියන්නට බැරි හුදකලාවකදි මා එය නතර කළා සේම ආයෙත් ලියන්නට හිතෙන්නා වු මේ අවකාශයෙදී... පෙර සේම කිසිවෙකු හෝ කියෙව්වද නැත ද ලියමි. ඒ කුරුටු ගෑ හිත වෙන කිසිවෙකුගේවත් නොවුනද මගේ ම නිසාය.... ෴


Saturday, March 23, 2013

එක්තරා සිදුවීමක්…

        මේ සිදුවීම ලියා තබන්නේ මට අමතක නොවන සිදුවීමක් නිසාත් මගේ හිතට මෙය වදයක් සේ හැ‍ෙඟෙන නිසාත් ඔබට මෙයින් ගත යුත්තක් ඇතැයි මා සිතන නිසාය.

 

IMG_1015_zpse9be4e4e

 

         මා  දිනක් ඥාති නිවස සිට ගෙදර බලා එන්නට පිටත් උනෙමි. අතර මඟ දුම්රිය මඟක්ද හමුවේ. මෙදින මා ඒ රේල්  පාර අසලට යන විට ම වාගේ රේල් පාරේ ගෙට්ටු වසා දැමිණි. කෝච්චිය එන තුරු නොසිට පයින් ආ ගිය අයත් පාපැදිකරුවනුත් යතුරුපැදිකරුවනුත් ගේට්ටුව නොතකා පාර පැන ගියහ. එහෙත් අම්මා කෝච්චි වලට හේතු විරහිත බියක් දැක්වු බැවින් කෝච්චි ගැන මට තිබුණේ හොදම ආකල්පයක් නොවන නිසාත් මා පාර නොපැන කෝච්චිය යන තුරු නැවතී බලා උන්නෙමි… හිතු හිතු තැන කොච්චි වලට බ්රේක් ගහන්නට බැරිය. ගැහැව්වද ඒවා නතර වන්නේ  ටිකක් දුර ගොස් ය. මා උන්නේ රේල් පාර ආසන්නයේ ම ය. තවත් වාහන කිහිපයක් ම මා නොයෑම ගැන පුදුම වු වග මට මතක තියේ.

 

       දුම්රිය මාර්ගයන් දෙක මැද ඇති තීරුවේ එක්තරා පුද්ගලයෙක් ඉණට අත් තබගෙන සිටගෙන උන්නේ ය. මා සිතුවේ ම මේ මිනිසා රේල් පාරේ වැඩකරන කම්කරුවෙක් කියාය. කෝච්චිය ආවේ වංගුව පැත්තෙනි. කෝච්චියේ හඬ  මතු‍ වෙද්දි ම වාගේ මේ මිනිසා රේල් පාර අතර හිඩැසේ ඉඳගෙන තම කකුළක් ‍පීල්ල මත තැබුවේය. ඔහු සෑහීමකට පත්වන තුරු කකුළ නියමිත ආකාරයට අතින් පවා හැදුවේය… මා බැළුවේ කෝච්චිය දෙසයි.. රියදුරු අනෙකාට සිද්ධිය පෙන්වමින් කර කියා ගත නොහැකි තැනට පත් වනවා මා දුටුවෙමි… ඔවුන්ට කෝච්චිය නතර කර ගන්නට නොහැක.

 

      මා සිද්ධිය වටහා ගත් සැණින් දෙකන් දෝතින් ම වසාගෙන දෑස් පියාගෙන අනෙක් පස හැරුණෙමි… කොච්චිය යන සද්දයට අමතරව ඒ අතරින් දැඩි යමක් උඩින් අඹරාගෙන යකඩ රෝද වලින් පළමුවැන් දෙවැන්න යද්දි අමුතු හඬක් ආ බව මට ඇසිණි… පියවු කණ් වලට ඒ හඬ ඇසුණේ කෙසේදැයි මා නොදන්නා නමුත් මේ සිද්ධිය සත්තකින් ම මා අත්විඳි එකකි. මා අහක බලාගෙන ඒ රේල් පාර පැන යද්දිත් අර මිනිසා කෑ ගැසුවේ වත් කිසිවෙකු ඒ මිනිසා  ළඟට ගියේවත් නැත. එහෙත් ටික දුරක් ගොස් නැවත බලද්දි මිනිසුන් වට වී ඉන්නවා මම දුටිමි. එහෙත් කිසිවෙකු ඒ මිනිසා රෝහලට රැගෙන ගියේ නම් නැත. පසුව දැනගත් පරිදි ඒ මිනිසා විසින් මේ සිදුවීමට පෙරාතුව ත්‍රී රෝද රථයකට ගෙවා රෝහලට රැගෙන යන්නට සැලසුමක්ද කර තිබේ. ඒ මිනිසාව රෝහලට ගෙන ගොස් ඇත්තේ එසේ මිස අනතුර වු තැන රොක් වු අය විසින් නම් නොවේ…

 

      ඒ මිනිසා දුප්පත් මිනිසෙකි. කරනා රැකියාව ජිවත් වීමට නොසැහෙන නිසා හිඟා කෑමට සිතා කෝචිචියට කකුළ තබා ඇත. දැන් කකුළක් අහිමි හේ කෝචියේ හිඟාකෑම වෘත්තිය කොට ගෙන වසයි.

 

       මා මේ සිද්ධිය ලියන්නේ සිදුවීම වී බොහෝ කල් ඉක්ම ගිය කලකදිය… මා ඒ මිනිසාව දකිමි. හේ මටද අතපා සිඟමන් යදියි… මට නැ‍ඟෙන්නේ කෝපයකි… ඔහු මට භයානක සිතුවිලි කිහිපයක් අත්දකින්නට භයානක මතකයක් සිත රඳන්නට හේතුකාරකයා විය. මා සත පහක් හෝ නොදෙමි. ඒ වන් වු කකුළ් අහිමි අත් අහිමි අයට මා සතයක් හෝ නොදෙන්නේ විටක එසේ දෙන්නට තරම්  මට මුදල් නැති නිසාය… බොහෝ විට ඔවුන්ද අර කී ලෙස ව්‍යාපාරික අරමුණින් අතපය අහිමි කරගන්නට ඇතැයි මට සිතෙන නිසාය. මා යනෙන මඟ එවැන්නෝ බොහෝ වෙති. මා ඔවුන් දුටු විට අපුලෙන් ඉවත බලමි. ඒ මට මගේ දෙපා… මගේ අත් වටිනා නිසාය… මගේ අතින්, අත බලේට කෝච්චියට තැබු මිනිසෙකුට කිසි දා වතුරවත් දෙන්නට මට බැරිය… මං මගේ අත්වලට ගරු කරමි… අනෙකෙකුගේ අතක් වුවද එසේය… ඒ අනුව ඒ මිනිසාට ඒ මිනිසාගේ අතට එසේ කරන්නට අයිතියක් නැත.

 

        කවුරුන් හෝ මවක් සිය කුස ඔත් පුතු ගේ පා පහර සිනාවෙන් යුතුව ඉවසන්නට ඇති. කවුරුන් හෝ පියෙක් සිය පුතුගේ පළමු පා සටහන ගැන අභිමානයෙන් බලා ඉඳින්නට ඇති. එවන් වු පාදයක්; තමා ඔසවා ගෙන ගිය හද මියෙන්නට ප්‍රථම, මිය ගිය අරුමය… එවන් මිනිසෙකුගේ වාරුවට හැරමිටියක් වන මිය ගහක් අත්තක් පවා කළ පවට අඬනවා ඇති.

 

          අවයව විකිණිම හා යම් ආකාරයකට නෑ කම් කියන මේ සිදුවීම ඔබට කියන්නේ මිනිසුන් ජිවත් වන්නටය කියා තමන්ගේ ම මස් මාංශ පවා විකුණනා ගන්නා බව තහවුරු කරන්නට පමණක්ම නෙවේ… තවත් එවැනි මිනිසෙක් බිහි කරන්නට අත හිත දෙන්නට සිතෙන්නේ නම් නැවතත් සිතන්න කියා කියන්නටය. 

තවත් අසරණයෙක් ජිවිකාව පිණිස මේ ක්‍රමය තෝරා ගන්නේ ඔබ මෙවැන්නෙක්ට දෙන මුදල් දෙස බලා හිඳිමෙන්ය. අහෝ ජිවිත?

 

පසුව ලියමි;

අදත් කෝච්චියේ යද්දි පෙර දවස දුටුවාට වඩා මෙවන් අත පය නැති අය දැකීමි. ඒ නිසා ලිවීමි…

Wednesday, January 9, 2013

දරුවන් වැඩිහිටියන්ට සැලකිය යුතුයි යන්න රදළ වැඩවසම්වාදි අදහසක් ද?

       මං ඊයේ වෙනදා වගේම බස් එකේ එමින් ගමන් කාලයක් තිස්සේ සංයමයකින් ගෙඩනංවන ලද මගේ හැකියාවකින් ප්‍රයෝජන ගත්තා. හැකියාව තමයි “සවන් දීම”. මේක නිසා මං ගොඩාක් දේවල් ඉගෙන ගෙන තියෙනවා. විශේෂයෙන්ම මට අහන්න වඩාත් පහසු මට ඉස්සරහා ඉන්න අයගේ කතා. ඉතිං ඊයෙත් එනකොට ඇන්ටිලා‍ දෙන්නෙක් බර කතාවක්. හෝ ගාලා සායමක් අරිනවා. කාගෙද? එයාලාගෙම දරුවන්ගේ.
“අපි පුංචි කාලේ මුන්ට සැලකුවේ කෙහොමද?”
         “එක නේනන්ම් අක්කේ, අපි දරුවන්ට බැළුවට දැන් කාලේ හැදෙන දරුවෝ අපිට බලන්නේ නෑ.”
“අපි උන්ව හැදුවේ නොවිඳිනා දුක් විඳලා උන් අපිව බලා ගන්න ඕනා. කර දඩු උස්මහත් වෙලා ගැනු ගත්තට පස්සේ උන්ට අපිව මතක නෑ.”
        “දරුවෝ හැදුවට වැඩක් නෑ අක්කේ. ඒ සල්ලි වියදම් කරලා අපිට දෙයක් කර ගත්තා නම් මේ දුක නෑ.”
                 මේ කතාව අහගෙන එද්දි මට තේරුනා මේ කියන අයගේ දරුවන් විසින් මේ අයව නොසලකා හැර තිබෙනවා. ඒත් ඒ දෙන්නා ඒ වෙනුවෙන් කතා කර දේ ඇතුලේ තමයි මං මේ පෝස්ටුවේ තේමාව ගැන හිතුවේ.
 
   වැඩිහිටියන්ට සැලකීම කොයි තරම් හොදද? දරුවෝ වැඩිහිටියන්ට සලකන්න ඕනා. ඒකේ දෙක් නෑ. එතකොට මේ ලිපියෙන් මං කියන්න හදන්නේ මොකද්ද?  දැන් මං මේකෙන් හදන්නේ වැඩිහිටියන්ට සලකන්න එපා කියලා කියන්න නෙමේ.. මං මුකුත් කියන්නේ නෑ.. ඒක පුද්ගලික අදහසක්.  කියලා ඔබෙන් යමක් කරවන්න මට බෑ. කොහොම වෙතත් සමාජ ගත මතයක් තිබෙනවා දරැවෝ පුංචි කාලේ වැඩිහිටියන් විසින් රැක බලා ගන්නා නිසාත් දරුවෝ වැඩිහිටියන් වු විට කලින් හිටපු වැඩිහිටියන්ව රැක බලා ගත යුතුයි කියා. මේක සහජීවනය තුලින් ගොඩ නැ‍ඟෙන්නක් වුවත් මෙහි රදලයා හා වහලා අතර ඇති සම්බන්ධතාවයක් ඇතැයි මට සිතෙනවා. එහෙම හිතෙන්නේ දරැවන්ට කුඩා කල සැලකු නිසා ඔවුන්ගේ මුළු ජීවිත කාලය පුරාව අර රැකගත් අය රැක ගත යුතුයි කියා කියන නිසා. හරියට වලව්වේ සේවකයෝ වලව්වෙන් කාලා ඇදලා ඉන්න හංදා ජිවිත කාලය පුරාම වලව්වට සේවය කල යුතුයි කියලා කියනවා වගේ… දරුවෝ කියන්නේ වහල්ලු නෙමේ. රක්ෂණාවරණයක් නෙමේ. ඒක ආදරයක්. සෙනෙහසක්. බලෙන් නීති දාලා ඒවා අත්පත් කරගන්න බෑ.
141366-425x282-extended-family  පුංචි කාලේ ආච්චිට සියාට අම්මා තාත්තා සලකන හැටි දකින දරුවෝ නිරායාසයෙන් ඇති කර ගන්න චින්තනයක්. අද දක්නට ලැබෙන න්‍යෂ්ටික පවුල් වලින් අත්පත් කරගන්න බැරි තත්ත්වයක්. අද දරුවෝ දකින්නේ අම්මා තාත්තා එක්ක දරුවෝ විතරක් ඉන්න පවුල්. ඉතිං උන් අම්මලා තාත්තලා උනාමත් උන් ගොඩ නඟා ගන්නේ අර විදිහේ ම පවුල් තමා.
            මා හිතන්නේ මේ යුතුයි කියලා පවරන මේ කාර්යය දරුවන් කියන කොටසව සමාජ සම්මත වලින් බැඳ දැමීමක් කියලා. දරුවෝ සලකනවා නම් ඒක උන්ගේ කැමැත්ත. නොසලකනවා නම් ඒකත් උන්ගේ කැමත්ත. නමුත් ‘යුතුයි’ කියා සම්මතයක් හදාගෙන ඒක සදාචාරය කියන ඒක ඇතුලේ දාලා දරු පරම්පරාවන්ගේ කරේ එල්ලන එකත් ඒක පරම්පරාවෙන් පරම්පරාවට ගෙනියන එකත් හරිද? දරුවෝ කියන්නේ අනාගතයේ  සුරක්ෂිතභාවය තහවුරු කරන සාධකයක් ලෙස දැකිම ඇත්තෙන්ම කණගාටුදායකයි. අර දෙන්නා දරුවන්ට බනිද්දි මට මතක් උනා අපේ මාමාලාගේ ගෙදර ඉස්සර හිටියා වී කුරුල්ලෝ ජොඩුවක්. මේ දෙන්නා මං එක පාරක් නිවාඩුවට එහෙ යනකොට තමන්ගේ අළුත් කුරුළු පැටවුන්ට පියාඹන්න උගන්නනවා. ටික ටික ගෙනැත් කවලා පොවලා පියාඹන්නත් කියලා දීලා මේ පැටවුන්ට යන්න ඇරියා. සමහර වෙලාවට පැටව් ගියේ නෑ. උන්ට ටිකක් නපුරු වෙන්න උනා එතකොට.rel_survival_fittest සත්ත්ව ලෝකේ මෙහෙමයි. මොන සතාත් තමන්ගේ පැටවුන්ගෙන් යැපෙන්න බලාපොරොත්තු වන්නේ නෑ. එත් අපි අපි සත්තු නෙමේ. ඇත්ත අපි සත්තු නෙමේ. අපේ බුද්ධිය එයිට වඩා උසස්. ඒ නිසා අපි දැන ගන්න ඕනා අපේ ජීවිත හැඩ ගසා ගන්න. මෙහෙම හැඩ ගසා ගත්ත බටහිර ජීවිත නේද අර ලිවින්-ටු-ගෙදර් කියලා නස්පැත්තියක් (?) කරගහගත්තේ?  ඇත්ත එයාලා ඒක කරගත්තේ එතැනින් ගහින්. මං එත් අහන්නේ එකම පාරෙන් හැරෙන උන් දෙන්නෙක් එකම තැනට යයිද කියලා. එත් අපි දක්ෂ ගිය පාරේ යන්න නේ. ඒ හංදා අපි අපේ ටීන්ඒජස්ලා ගේ සංස්කාතිය බකල් කරන්න ඕනා නෑ. නමුත් සමාජ පරිණාමයේදි  එයාලාගේ ආර්ථිකය ශක්තිමත් වෙද්දි මේ තත්ත්වය ඇති වේවි කියන එක බැහැර කරන්නත් අපට බෑ.
                      මිනිස්සු බය වෙන්නේ මිනිස්සුන්ටමයි. එකෙක් මොකාක් හරි කියලා හදා ගත්ත දෙයකට තවත් ඒකෙක් හිස නමනවා…ඔහොම යද්දි  තවත් එකෙක් ඉන්නවා හිස නමන්න කැමති නෑ… ඌට ඕනා ඔළුව උස්සාගෙන ඉන්න. එත් මක්කා කොරන්ඩදෑ?  මාර දුකයි. අකමැත්තෙන් උනත් ඌ ඔළුව පාත් කරනවා. ඔහොම ඉස්සරහාට යද්දි එකෙක් ඉන්නවා ඌ ඔළුව පාත් කරන්න කැමතිත් නෑ… කරන්නෙත් නෑ.. ඒකට සමාජය මොකක් කිව්වත් ඒකා ගානක් ගන්නේත් නෑ. මේ කතාව කියවාගෙන එද්දි මේ ඔළුව පාත් නොකරපු ඒ එකා විප්ලවකාරයෙක් වගේ පෙනුනට ; සම්මතයට එරෙහි වෙලා දෙමාපියන්ට වැඩිහිටියන්ට සලකන්නනේ නැතිව එයාලාව අතැරලා දාන අයට අපි බනිනවා… මාත් බනිනවා. දන්න තිත්තම වචන ඒ සදහා පාවිච්චි කරලාත් තියෙනවා. ඒත් අද හිතෙනවා. ඒක ඌගේ කැමැත්ත. අසම්මතය සුන්දරයි නිර්දෝෂයි කියලා කියන්න මට ඕනා නෑ. එත් ඒ දෙවල් කවදාවත් සිදු නොවිච්ච දේ නොවේ. ඒක එයාගේ කැමැත්ත. අපේ අය විවිධ හේතු කිය කිය ජිවිතේ අඩක් ගෙවන්නේ අවිවාහකව. තුන්වැනි ලෝකයේ රටවල තරුණ තරුණියෝ අධ්‍යාපනය, මුලික අදියරේ රැකියාවන් සඳහා ජිවිතයේ මුල් දශක දෙකහාමාර තුන ගෙවන්නේ අවිවාහකව. මේ නිසා එයාලගේ දරුවෝ තරුණ වෙද්දි දෙමාපියන් විශාම ගන්නා මහල්ලෝ වෙලා. නමුත් අතීතයේ එහෙම උනේ නෑ. අඩුම තරමේ අපේ අම්මලා තාත්තලා ගාවට එනකම්ම වගේ බොහෝ දුරට අපි තරුණ වෙනකොටත් අපේ අම්මලා තාත්තලා උපයන්නෝ. එයාලාට අපට වඩා ස්ථාවරයක් තියෙනවා.  මේ අනුව බලද්දි අපි වයසට යද්දි මේ ප්‍රශ්නේ වර්ධනය වෙන්නත් පුළුවන්. දාසයෙන් දා හතෙන් බැදලා විස්ස විසි එක වෙනකොට දරුවෝ දෙතුන්දෙනෙකුත් හදාපු ඉතිහාසෙක ඉදලායි අපි අද මෙතනට ඇවිත් ඉන්නේ. ඒ කියන්නේ බටහිරට කලින් තමයි පෙරදිග යෞවනයන්ගේ විවාහ ක්‍රමයක් පැවතියේ. ඒක බිඳිලා ගියා. මොකක් නිසාද? ආර්ථික වර්ධනය උදෙසා ‍යෞවන පිරිස් යොමු කිරීම නිසා. අදත් අපේ රටවල  ඉගෙන ගන්නේ රුකියවක් කරන්න මිසක් උගත් වෙන්න නෙමේ. ඒ කියන්නේ මේ අද පවතින තත්ත්වය ඇති කරලා තියෙන්නේ මුල්‍යවාදයක් විසින්.
images
      දරු සෙනෙහස කියන්නේ මේ වගේ ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු වෙන දෙයක් ‍නොවේ. ඒක එක්තරා ආකාරයකට කොන්දේසි විරහිත විය යුතුයි. ඒ කියන්නේ හොද දරුවෙක් හදනවා කියන කොන්දේසියෙන් එහා ඉක්මවා යන්නක් නම්.. කො‍් එවන් තැනක දරු සෙනෙහසක්. දෙමාපියන්ට සැලකීම කියන්නේත් පැහැදිලිවම කොන්දේසියක් නෙමේ. ඒක අප විසින් කල යුතු අගනා කාර්යයක් මිසක් ඒක කොන්දේසියක් නෙමේ. අපි අම්මලා තාත්තලා ‍උනහම අපේ දරුවන්ට අපි බරක් නොවි උන්ට පාඩුවේ ඉන්න ඉඩ දෙන්න නම් අපි අද මහන්සි වෙලා අපේ අනාගතය හදා ගන්න ඕනා. සමහර අය කසාද බදින්නෙත් වයසට ගියාම කවුරුත් නැති වෙයි කියලා. කැරකෙන ලෝකේ අපි මෙහෙම එකතැන පල් වෙන්නේ කොහොමද?. ආයේ ටිකක් හිතන්න ඕනා.
පිපෙන්න තියෙන මල් බලෙන් පුප්පවලා බුදුන්ට පුදන අපි මේ ගැන ආයේ හිතන්න ඕනා.

Sunday, December 16, 2012

ම‍ගේ සිත් ගත් චරිතයක් 02

‍මේ ඉන්‍‍නේත් මං ආසා කරපු චරිතයක් රඟපාපු නිලියක්.  නම Keira Knightley . එයා රඟපෑ Pirates of the Caribbean (film series) කියන චිත්‍රපට මාලාව නිසා තමයි ඈ   ම‍ගේ   සිත්    ගත් චරිතයක් උ‍නේ… 

 

456215

 

Untitled-2581

Thursday, December 13, 2012

ඇයදෝ...ඔහුදෝ...





                                        කුමුදු ලතාවේ මුදු සිනා මැවුන දා
                                        නෙළුම් තටාකේ සිත හීන දකින දා
                                        දහවලේ නැඟ ආ චන්දා
                                        ඔබ රාත්‍රියත් ගිනි තැබුවා

                                        ගයන්න ගයන්න වැරදි ගිය තනුවේ
                                        නටන්න නටන්න පද බැඳි ගිගිරි විසිරේ
                                        වයන වයන තත් ඉහිරේ
                                        ගෙල සින්ද මා ‍ප්‍රේමයේ  ‍දෙවි‍ඳේ

                                        ඔබ දෝ විසිරෙන පෙණ කැටි වෙරළේ
                                        ඔබ දෝ ගිලිහෙන මල් පෙති වසන්තයේ
                                        ඔබදෝ වැටෙනා දියබිඳු වස්සානයේ
                                        මමදෝ හඬන කඳුළ ඔබ දෑසේ

Wednesday, December 12, 2012

අයි ඩොන්ට් නො වයි මෙහෙම වෙන්නේ ඇයි. ?

 

 
          නිමිත්ත: සුදුහාමිනේ දීගේ ඇරලා ගෙදර ගෙහුං කියලා ලැබිච්ච ආරංචිය.

    අපේ  රටේ නළු නිලියන් හා ගායක ගායිකාවන් ඇතුළු ජනප්‍රිය පංතිය කසාද බදිනවා ඉවරයක් නැත. නෙක නෙක තාලෙට ඇද මඟුලුත් කා පොටොත් අරන් විඩියොත් කරනවාය.

 
imadges එ අය කසාද බැන්දාට අපිට කමන් නැත. ඒ අය බදින වග ටෙලිවිසන් එකේ පත්තරේ හෝ පෙන්නනට ඕනාද? එහෙම පෙන්නුවාම ඒවා අපට පේනවාය.imiages ඒ පේන ඒවා අපි කියවනවාය. ඒවා හිතටත් දැනෙනවාය. එහෙම දැනි දැනි දනීම ඉවර වෙන්නත් කලියෙන් මේ අය දික්කසාද වෙනවාය. ඒවාත්ටෙලිවිසන් එකේ නැතත් පත්තරේ  දානවාය. ඒ පත්තරෙත් අපි බලනවාය. ඒ දික්කසාදෙත් අපේ හිතට දැනෙනවාය. මේවා හිතිලාම මට දැන් ඒ ආදි වු ජනප්‍රිය චරිත වලින් කසාද බැන්දේ කවුද දික්කසාද වුයේ කවුද කියා මතකයක් නැතිය.
මට විතරක් මේව්වා හිතෙනවා නම් කමක් නැත. ගැටයන් ගැටිස්සියන් පවා මේ නිවුස් කියවනවාය. imagges                    එවුන්ද ඒවා හිතට ගන්නවාය. ඒහෙම අරන් මා මෙන්ම නිකාආආආආආං ඉන්නවා නම් කමක් නැත. එවුන්ද පෙරේමයක් කර කසාදයක් බදිනවාය. ඒ බැඳ එවුනුත් පොටෝ ගන්නවාය... පාටිත් දානවාය. අංගවිකලෙට අදිනවාත්ය. එයින් ඉවර නම් මා හිත හදා ගන්නවාය. එහෙන් නතර වෙන්නේ නැතය. මෙවුන් දික්කසාදත් වෙනවාය. එවාට පත්‍තරෙන් එන්නේ නැත.
              ඉස්සර ඉන්ගිරිසි ජනප්‍රිය අයත් කසාද බැන්දා කියා ඉස්සර පත්තරේක තිබිණි.  පසුව ඒ අයත් මෙහෙඒඒඒඒමම දික්කසාද වී තිබේ. දැන් ඒ අය කසාද බදින්නේ නැතය. ඒ අය දික්කසාදයේ ආදීනව හඳුනා ගෙන ඇත.a දික්කසාද වෙන්නේ කසාද බැන්දොත් ය. එ නිස එයාලා පවුල් කන්නේ කසාද නොබැඳය. ඒකට කියන්නේ සිම්-පල් පැලැන් කියාය. මගේ ඉස්ගෙඩියට පේන හැටියට වෙන්නේ මේකය... කොක උනත් සුද්දාගේ කෙවිට අපේ උන්ට සුවර්ය. ඒ නිසා අපේ ඈයෝද කසාද බැදිල්ල  පැත්තකට දමා ඒ කෙවිට අල්ලා ගන්නවාය. එහෙමත් කර නිකාආආආආඅං ඉන්නවා නම් කමක් නැත.  මෙවුන් එකේ ආනිසංසේ අපේ ආච්චිලාට සියලාට අනුමෝදන් කරනවාය.  අපේ සියලා ආච්චිලා කසාද බැදලා යෑ අගේටවත් පවුල් කෑවේ කියා කියනවා මගේ මේඒඒඒඒ කන් දෙකටමදෝ කොහේදෝ ඇහුණාය. ඒක ඇහෙද්දි මගේ සෙම් කෝප වෙනවාය.   
        
එවුන් දන්නා කෙහුරක් නැත. අපේ ආච්චිලා සියලා කසාද බැන්දේ නැත්තේ ඒ කාලේ රෙජිස්ටාර් උන්දෑ හිටියේ නැති නිසාය.
imagwes
ඒ උනාට චාරිත්තරේටම සේරම කරාය. රෙජිස්ටාර් උන්නැහේ නැති හංදා දන්න කියන නෑ යකුන්ට කියා සියා ආච්චි කැන්දාගෙන එද්දි ආච්චි ඇගේ නෑ යකුන් සේරටම කියා සියා සමඟ ආවාය.

 ඒ කාේ දිත් නාහෙට අහන්ේ නැති උන් හද පානේද ගියාය. ඒහෙම ගිය අයත් චාරිත්තර අනුව දෙමාපිය වැඩිහිටියන් නැමැද කාරණය කිවෝය.
               ඒ අය බැදගත්ත බෙරේ ගැහුවෝය. ගහන්නම බැරි උනත් හිටියෝය. එහෙමත් බැරි උනොත්... ඒත් හිටියෝ ම ය.

එහෙව් රටක මෙහෙම වෙන එක මට හිතා ගන්න බැරිය.









Wednesday, October 17, 2012

  

 
නිවි නිවි දැල්වෙන පහනක එළියෙන්
ලතැවෙන හදවත දෙනෙතින් මතුවේ
අඳුරෙන් මතුවෙන සඳ නොවු රැයකදි
ඔබේ උවනත දෙනෙතෙහි පාවේ


පායා හිනැහි ආ දා මතු වී
සිහිවන මොහොතේ ඔබ නැත සතු වී
ජීවන දහරේ පිපි නෙළුමක් වී
ඔබ පසු කර ‍දිවියමගතවෙද්දී


කඳුළක ලියවුණු පෙම්බර පුවතක
නටඹුන් මැද මා තව තව තනිවෙන
මතකෙක ලියවුණු මා සිත ගෙන
දිරි ගෙන දිලිසේ හිරු හෙට දිනයක











Monday, October 1, 2012

මගේ හිත් ගත් චරිතයක් - 01


                  මේ ඉන්නේ Twilight චිත්‍රපටයේ බෙලාගේ චරිතය කරපු  Kristen Stewart   කියන නිලිය. අපෝ ඇඳලා ඉවර වෙලා අමාරුවෙන් ස්කෑන් කරා ගත්තට පස්සේ නේ පෙන්නේ මේකේ වැරදි. කමක් නෑ. ඉස්සෙල්ලා එකේ කොච්චරක් වැරදි තිබ්බත් ඒක හොදයි කියලා කුරුටු හිත කියවන අයගේ අදහස් වලින් තේරුණා. ඉතිං මං හිතුවා මේකත් දාන්න. මේ දවස් හරි නිවාඩුයි. ඒ නිසා එක තැනක ඉඳන් කරන දේවල් වලට වෙලාවක් ලැබෙනවා.

Friday, September 28, 2012

සංසාරණ්‍යයේ වන්දනාකාරී.



        


     අද සුළඟ දඟය.. වෙනදා මෙන් එය එක දිහාකට ගියා නොවේ. ඔහේ හිතුණු හිතුණු අත විසිර ගියේය... හරියට දඟකාර කෙළි පැටික්කියක් වාගේය. පෙරදා වට අනෝරා වර්ෂාවෙන් බිමට වැටුණු කොළ සේ ම මල් පෙති ද පොළවට ම ඇලි තිබිණි. පොළව තවමත් තෙතබරියම් වී ඇත. සුළඟ මේ දඟ කරන්නේත් ආයේ වැස්සක් වට්ටන්නට ය. ගුප්ත අඳුරක් අවර වසා ගෙන පැතිර තිබිණි. ලේනුන් සුළඟ එක්ක දහ අතේ දුවති. කොහොමත් ලේනුන් රංචුව මේ පරිසය පුරුදු අයට නිකම් ම මතකෙට එන තරම් සුලභය. සියල්ල සමග මැයි මල් පෙතිද සුළඟ එක්ක එතී එතී බිමට වැටෙති. ශේෂ කදු මුදුනට වැටුණු පාර අළුත් පරණ මැයි මල් පෙති වලින් පාවඩ එලා තිබිණි. ඒ පාර මල් පාරකි...එහෙත් මා කවදත් ආදරේ සුදු මල් වලට ය. මා හැමදාකම පුජා කලේ සුදු මල් ය. ඒවා පිවිතුරුය. සිල්වත් ය.
          මම මේ කුඩා කඳු මුදුන දෙස බොහො වර බලා තිබේ. තනිවමත් මා මෙතනට ඇවිත් තිබේ...එහෙත් ඒ හැමවරකස ගිය වරට වඩා අළුත් දෙයක් මා දකිමි. හැම වරම නැවුම් ය. හිත බර වෙන අමුතු හැඟිමක් මට හැමවිටම දැනේ... එහෙත් හැමදාකමත් මම අඩි පාර දිගේ ඉහළ නගින්නට පෙර ඒ දෙස පාමුල සිට බැලීමි... මා පළමු අඩිය ඒ දෙසට තැබුවේ මා අතැති මල් කුඩයට සිනා සෙමිනි.  බලහත්කාරයෙන් කොටට කැපු මගේ කොණ්ඩයත් අර දඟකාර සුළඟට අසුවිය...
          පළමු අඩි දෙකතුන ඉක්ම යන විටම මට ඔහු සිහි විය. එය නිරායාසයකින් සිදුවන්නේ පසුව ආ හැම මොහොතකම මම මෙහි ආවේ ඔහු සමග නිසාය. ඔහු මා හා සිනාසෙමින් අත් අල්ලා නොඅල්ලා ගාණට මේ පාර දිගේ ‍ගොස් ඇත... මේ පාර අප හඳුනයි. සුසුමක් සමඟ හිතට ආයෙත් ආවේ වෛරයකි... මම නිරැවත් දෙපයින් රතුපාට මල් පෙති පැඟීමි. අළුතෙන් බොර පාටට හැරුණු මඩ මගේ පා ඇඟිලි ඉක්මවමින් මතු විය. ඒ තරම්ම හයියෙන් තදින් මගේ දෑස් පියවිණි. ඔහු දුකින් මා දෙස බලා උන්නේය. ඒ ඇස් වල වේදනාවෙන් මිරිකි ගිය බවක් තිබිණි. මගේ ලෝකය වෙනස් කලේ ඔහුය... ඔහු මගෙන් දුරස් වුයේ ද මම මගෙන් දුරස් වුයේ ද ඔහු ඔහුගෙන් දුරස් වුයේ ද ඔහු සැමගෙන් දුරස් වුයේ ද ඔහුගේ ම වරදිනි... එහෙත් ඊට මාද වගකිව යුතු යැයි විටෙක මම ද සිතමි... මම එය දනිමි. පුංචිවට දළු දා වැඩි රූස්ස ‍ගසක් වැනි ආදරයක් හිතේ අතු ඉතිලෑවේ ඔහු මට ඕනවටත් වඩා සමීප වෙද්දීම වගේ ය. කියාගත නොහැකිව හිර වී තිබි එය මගේ හිත ම අරක් ගත්තේ ද ඔහු නොදැනද? මා නොදනිමි. නැතහොත් මා සිත පුරා වැඩෙන ප්‍රේමය ඔහු දන්නවා කියා සිතා සිටියෙමි. නමුත් සමහර විට ඔහු කියු ලෙස එය ප්‍රේමයක්වත් නොව නිකම් ආකර්ශනයකි. ඒකපාර්ශවීය ආකර්ශනයකි. අදත් ඒ වචන වලට මම දැවෙමි...තැවෙමි. ළඟටම විත් එහෙම හදීසියේ එක්වරම දුර යන්නට කොහොම හිත හදා ගන්න ද?
සුදු රෙදි හොරෙක් ලස්සනට පියඹා විත් මට ළඟම ගහක වැසුවේය. ඌගේ මදක් එසවුනු හොට එසේ වී ඇත්තේ ආඩම්බරයෙන් හිස උදුම්මාගෙන ඉන්නා නිසා ය. මම ඌට විරිත්තීමි... ආඩම්බරකම... ඔහු මාව මුලදී දුටුවේත් එහෙමය..
“බිම බලන්ම යනකොට ආඩම්බරකාරීයක් කියලා නේ මං මුලින් හිතුවේ... ”
ලෝකය පෙරලිණි. පසුව, මා අන්තීමට සිතුවේ එහෙමය.. ඔහු ආඩම්බරකාරයෙක් කියාය. හිත රිදිණි... ඇත්තය තවම හිතට දුකය... ඔහු නො ආවා නම්... කිසිවක් නැත... කිසිවක් ම නැත.මල් වට්ටියට රිදෙන්න තරම් මා එය තදින් අල්ලා ගතීමි. දැන් මා සනසවන්නට කිසිවෙක් නැත. ප්‍රේමය මා ;  එය විසින් නොකළ යුතු ආකාරයට හුදකලා කලේය. දගකාරයෙක්... අන්තිමේදී මං ඔහුව සාධාරණි කරණය කලා. එත් ඒ විනිශයන් මටම ඔරොත්තු නොදෙන දවසක මං ඒ දඩබ්බරයාව මට්ටු කලා.
හිත නොසන්සුන්ය.
දැනුත් ඔහු මා සමග ය. මට එය දැනේ. මං හිනා උනා. මට පේනවා ඔහු මගේ වම් පැත්තෙන් මට සමාන්තරව... හරියට එකට ගියාට කවදාකවත් හම්බවෙන්නේ නැති අය වගේ ඇවිදන් යනවා. ඇත්තටම අපි ඇවිද්දේ සමාන්තර මඟක. අපි හම්බුණාට හම්‍බුණේ නැ වගේ. හිතට හරි සැහැල්ලුවක් දැනෙනවා. ඔහු මාත් එක්ක...අපේ සපුරුදු ගමන... ඉස්සර මං පිරුණු මල් වට්ටිය අරන් කන්ද නගිද්දි ඔහු වෙලාවකට ඉඳලා හිටලා ටිකක් පහු වෙනවා.
“ඇයි”
 පස්සේ නම් මං දන්නවා උත්තරේ. එත් හැමදාක ම ඔහු එහෙම නතර වෙන මං එහෙම ම ඇහුවා.
“ඔයා හරි ලස්සනයි”
 ඒ උත්තරේ මගේ හිතේ අදහස් වලට ලොකු ශක්තියක්. ඔහු එහෙම කිව්වම මං හිනා වෙනවා. ඒ හිනාවන් ඔහු රස වින්දා. මට සහතිකයි. මට දැනුනේ සතුටක්... ඒ ප්‍රේමය නොවේ කියා මෙලොව කියනා එකම මිනිසා ඔහුය... ඔහුගේ ඇස්වල මා නිමින් ආලොකයක්... මම දෙපසට දෑත් විහිදුවා කැරකුනෙමි... නිදහස් ය. පැය ගණනක් තිස්සේ මා මේ මල් වට්ටියට මල් කැඩුවෙමි. පාර දිගට සුදු මල් සෙවිමි. මා නෙළු මල් විසිරිණි. එහෙත් සැහැල්ලුව මම කැරකුණෙමි... මුලින් මට පෙන්නේ ඔහු මා වටේ කැරකෙනවා සේය. හිමින් හෙමින් ඔහුගේ අත එසැවිනි.
“එපා... එ..පා”
නොසිතු විටෙක එදා මෙන් ම ඔහු කිවේය.  මා පෙම් කල ඒ බරැති යැයි මා හැම විටම සිතු ඒ අත් මට අයදින තරම් ය. මම සිනාසුනෙමි... හයියෙන් හඩ නඟා සිනාසුනෙමි... මට ම හතිවැටෙන තුරු සිනාසුනෙමි...ඇස් අගින් කඳුලු පනින තුරු මම සිනාසුනෙමි...මේ ග්සපවා මා සමග සිනාසෙති. ඒ තරම් හිතවත්කමක් ගොඩ නැගෙන තුරු අපි මෙහි ආවෙමු... ගියෙමු.
ඉතිරි මල් ටික අතේ තියන් එදා ඔහු මා දුටු තරම් සංසුන්ව යන්නට මා සිතුවෙමි... බොහො වෑයම් කර සිනා වෙන්නට වෙර දරන සිත තද කරගෙනම  යලි ඇවිදින්නට පටන් ගතීමි. අද කන්ද මුදුන මට දුරය...වෙනදාට මා එක හුස්මට කන්ද නැඟ හිස ඔසවා බලන්නෙමි. අද...අද මට වෙලා ගියේ ය...
“ඔයා හරි වෙනස් වෙලා... මං මුලින් දැක්ක කෙනා ඔයාමද කියලා මට දැන් හිතෙනවා”
මට ඒ වචන මතකය... හරියට මගේ පපුව මත  සිහින් තුඩැති පිහියකින් කුරුටු ගාන්නා සේ මට දැනිනි.
“ඔයා ඔච්චර අහිංසක වෙන්න එපා...අද කාලේ කෙල්ලෝ ඔයාට වඩා හුඟක් ඉස්සරහින් ඉන්නේ.. ඔයා හැදෙන්නෙ හරියට දහ අට වෙනි ශත වර්ශේ  ජීවත් වෙච්ච  ගම්බද කුළ පවුලක කෙල්ලක් වගේ”
එහෙම කියා බිදෙන් බිද මා වෙනස් කලේ ඔහු නොවේද? දැන් මා වෙනස් වී ඇතැයි කියන්නේත් ඔහුම ද? මට එවලේ සිතුනේ එහෙම ය... බොහො කලක් මා ගොඩ නැඟු ප්‍රේමය;  ඔහු නොකියන ම තැන, මගේ වදනින් ඔහුට අනාවරණය වෙද්දී ඔහු කියන්නේ එහෙම ය. බිත්තියේ ලස්සනට එල්ලා තැබු කිණිස්ස ඔහුගේ පපුව පසාරු කලේ එහෙම ය. නොසිතු නෙපැතු විටෙක...විශේෂයෙන්ම එසේ කරතැයි සිහිනෙකුදු නොසිතිය හැකි කෙනෙක් එසේ කරන විට ඔහු පුදුම විය... ඒ වික්ෂිප්තයේ පමාව නිසා තවත් අඟලක් හමාරක්වත් කිණිස්ස අර අඳුරු කොණටම යැවිණි. එහි වෙනත් ඕනෑම කෙනෙකුගේ මෙන් මැයි මල් තරම්ම රතු පැහැය මිස ප්‍රේමයක් නොවිණ. ඔහු විශේෂ යැයි මා සිතුවාවට නැත. එසේ නැත...
හිතට දැනුණේ එදා දැණුනු ආවේගයම ය. මම වේගයෙන් කන්ද නැඟිමි. මල් විසිරිණි. මුළු ගතම දහඩියෙන් පෙඟි‍ ගොස් තිබිණි... ටික ටික අවට කළුවර විය.
“ඔ..යා  ඒ.. ඇ.යි..”
ඔහු ඒ කළුවර මැදින් අසණ හඩ මට ඇසේ. ඒ හඩේ වේදනාව කලකිරීම පසුතැවීම ආදි හුඟාක් දේ ඇතැයි මට සිතිණි...බයක් දුකක් ආදි නිරස හැගීම් ගොඩාක් මගේ හිතට කඩා වැටිණි...ඔහු මගේ පසු පසින් ඒ...
එක්වරම මට තවත් කටහඬවල් ටිකක් ද ඇසිණි. ඒ උන්ගේය...මම හැරී බැළුවෙමි. අතිශය විශාල සිලින්ජරයක් කරේ තියාගෙන උන් මා පසු පස දුව ඒ... මම උන්ට විරිත්තා කන්ද මුදුනට දිව්වෙමි... කන්ද මුදණේ මා නතර වුයේ නතර උනේ ඒ  බුදු පිළිමය ළඟය. සිය දහස් වතාවක් පිදු පුජාසනයේ මා වට්ටියේ ගෙන ආ එකම සුදු මල අතට ගතීමි. එහි පෙත්තක් කැඩී තිබිණි. එහෙත් මට ඇත්තේ එපමණය... උන්වහන්සේ හැමදාමත් මා දෙස බැළුවේ සිනාසීය.
“බුදු හාමුදුරුවෝ හිනා වෙනකොට ලස්සනයි.”
දිනක් මා නොසිතාම මගේ කටින් පිටවිණි.
“ඔයා කතා කරන්නේ දැකලා වගේ නේ. මටත් හිතුණා  ළමයා පන්සල් ආව හැටියට තනියෙන් ආවා නම් මෙහේ නතර වෙයි කියලා”
මා කියු කතාව නොකියා ඉන්නට තිබිණි.
“න්නෑ.. දැකලා නම් නෑ තමා. එත් මේ පිළිම වහන්සේ දිහා බලනකොට මට පේන්නේ එහෙම. කොහොමත් උන්වහන්සේ ට හොඳ රෑපයක් තිබ්බා වෙන්න ඕනා නේ. උන්වහන්සේ කුමාරයෙක්..නැද්ද?
“පිස්සු කෙල්ල...ඔහොම හිතන්ද පන්සල් එන්නේ”
“එකේ වැරද්දක් නෑ... මං කිව්වේ ඇත්ත. උන්වහන්සේට  හරි ලස්සන හිතකුත් තියෙන්න ඇති...”  
මම තෙවරක් උන්වහන්සේට වැන්දෙමි. කිසිදා වෙනස් නොවුණේ උන්වහන්සේ විතරය...මම හිත හිතා පමා වු ටිකට උන් ළඟට ඇවිත් ඇත. මම අතැ’ති මල් වට්ටිය අහසට විසී කෙරුවෙමි. නොදන්නා උඩකට කැරකි කරකී ගිය එය අවසානයේ බිම වැටෙන්නට විය. මම ඊට පෙර දිවිය යුතුය.
“වට්ටිය වැටෙන්න කලින් දුවපා..න්...”
සිත කෑ මොර දුන්නේය. කවුදෝ මහ හඩින් ගන්ඨාරය ගැසුවේ ය. මට හිස පුපුරු ගහන වේදනාවක්දැනිණි.  පිත්තල පොච්චියකින් ඔහු හිසට ගසා තුවාල කළ තැන පුපුරු ගසන්නට විය... ඒ හඩ නෑසෙන්න තරම් දුරකට යන්නට මට ඕනෑ විය.
“එපා සද්ධ කරන්න එපා... අර පිස්සි ඇවිස්සේවි... ඕක නතර කරන්න ළමයිනේ..”

  සිරින්ජරය කර තබා ගෙන උන් අය කෑ ගැසමින් මා වෙතට දුවන් ආවේය... දුන් මා අසු වෙනු ඇත. නොහැක...අහු වන්නට බැරිය.. මම ආපසු දුවන්නට ගතීමි. මා ඉදිරීයේ වු ප්‍රපාතයෙන් කෙළවර වන හිස් අවකාශයට මම අඩිය තබද්දී මට සැනසිලි දායක් හැඟිමක් දැනිනි. මට නටන්නට තරම් හිතිණි.
2006/10/18