Thursday, February 6, 2014
෴ ....යලි ලියන්නට සිතිමි....෴
පහුගිය වර්ෂයකට ආසන්න කාලයක් මං බ්ලොග් කියවීමත් ලිවීමත් අතැර දැමීමි. බ්ලොග් ලියවිල්ල එපා විය. කියවීම වෙහෙසකර විය. මා අන්තර් ජාලය පුරා අයාලායේ යමින් උන්නෙමි. අත්දැකිම් හා අත්විඳිම් රාශියක් සමඟ මා යලි මගේ බ්ලොග් දෙස බලමි. ඒවා පෙරලා මා දෙස බලන්නේ දුක්බරවය. ඒවා දකිද්දි මට දුකය. කුරුටු ගෑ හිතේ ලියන්නට බෙහෝ දේ පිරි ඇත. එත් ඒවා පුද්ගලිකරණය තුළ ලොවට ලෙහා දැක්වීමේ හැකියාවක් මට නැත.
එහෙත් ලියමි... සිතා උන් තරම් සමහර යක්කුන් කළු නැත. සුදුත් නැත. මිනිස්සු පුදුමාකර තරම් දුක අලවි කරන්නෝ වෙති. මවාපාන්නෝ වෙති. මුණු පොතේ වසරක සංචාරයකින් පසු කියමි. එහි තිබෙන පුරුෂොත්තමවාදයත් දුක් විඳින අයියලාගේ චරිතත් ගැන මට වේලාවකට හිනාය. ඇත්තටම අපි සියළු දෙනා දුක් උසුලන්නෝ වෙති. එහෙත් පපඩම් සේ පිම්මුනු කර්ණ රසායන චරිත මවන බාල ගුණ ඇති මිනිසුන් ගැන, ඔවුන්ගෙන් සෑඳුනු බිලියන 7ක් ඉක්මවු ජනකාය ගැන මට නම් අපුලය.
රෝසවාදි නංගිලා ගැනත් මට ඇත්තේ දුකමය. ඔවුන් ඇත්තටම පියරු බබීලාය. එහෙම නැත්නම් තොත්ත බබීලාය. කෙල්ලෝ කෙල්ලන්ට පිළිනොගන්නා මතුරු ඇරයුම් කොල්ලන් කළ විට පිළිගනී. ඔවුන් එක්තරා ආකාරයකට වර්ගවාදි ය. එහෙත් මා හෙටත් අනිද්දාත් එහි සැරසරමි. එයින් බෙහෝ දේ උගත හැකිය. බොහෝ දේ දැකිය හැකිය. මා අහුලාගත් චරිත ලක්ෂණ යොදා කතාවක් පිළියල කරන්නට හැකි නම් කියා සිතේ. එවැන්නකට අවැසි තරම් ඉන්ධන මා සතු වුවත් හැකියාවක් නැතිකම නිසා පසුබට වෙමි. මුහුණු පොත අන්තර්ජාලයේ අත්දැකිම් අහුලන්නෙකුට ඇති හොදම තැනකි. එත් මා වඩාත් විමසිලිමත් වෙමින් උන්නෙමි. නුහුරු නුපුරුදු සැරිසරන්නෝ පහසු ගොදුරු බවට පත්වන කැලෑ නීතිය කොතැනත් පොදුය.
ජිවිතේ කියන්නට අහන්නට ඊට වඩා දේ කොතෙකුත් තිබිණි. පසුගිය වසර පුරා මා දිගින් දිගටම ක්‍රමයෙන් පතුළ අපාය දෙසට ඇදෙනා නිම්නයකට වැටෙමින් උන්නෙමි. දැන් මා ආයෙත් ජිවිතය දිගේ පියමන් කරන්නෙමි. ජිවිතය ආත්මාර්ථකාමි ලෙස වැළගෙන සිටිමි. දුක් අලෙවි කරන්නට මා කැමති නැත. මා විඳි දුක් මගේ මිස වෙන කෙනෙකුට කියා තවා ගන්නට තරම් නොවන දෙයක් යැයි මා සිතමි.
ගැහැනුන්ගේ හදවත් පුදුමාකාර යැයි පිරිමි කියති. මගේ හිත හරි පුදුම වන්නේ මා ගැහැනු ආත්මයක් උපතින් ලද නිසාදැයි නොදනිමි. එහෙත් විටෙක මට මා ගැනම පුදුම සිතේ. වල ගෙඩැලි සමඟ ගෙවෙන ජිවිතේ හිත කුරුටු ගාන්නට මට සිතේ. එය පුදුමයක් නොවුනත් මගේ මේ බ්ලොග් පිටුව දිගින් දිගට ලියන්නට බැරි හුදකලාවකදි මා එය නතර කළා සේම ආයෙත් ලියන්නට හිතෙන්නා වු මේ අවකාශයෙදී... පෙර සේම කිසිවෙකු හෝ කියෙව්වද නැත ද ලියමි. ඒ කුරුටු ගෑ හිත වෙන කිසිවෙකුගේවත් නොවුනද මගේ ම නිසාය.... ෴
Wednesday, March 27, 2013
Saturday, March 23, 2013
එක්තරා සිදුවීමක්…
මේ සිදුවීම ලියා තබන්නේ මට අමතක නොවන සිදුවීමක් නිසාත් මගේ හිතට මෙය වදයක් සේ හැෙඟෙන නිසාත් ඔබට මෙයින් ගත යුත්තක් ඇතැයි මා සිතන නිසාය.
මා දිනක් ඥාති නිවස සිට ගෙදර බලා එන්නට පිටත් උනෙමි. අතර මඟ දුම්රිය මඟක්ද හමුවේ. මෙදින මා ඒ රේල් පාර අසලට යන විට ම වාගේ රේල් පාරේ ගෙට්ටු වසා දැමිණි. කෝච්චිය එන තුරු නොසිට පයින් ආ ගිය අයත් පාපැදිකරුවනුත් යතුරුපැදිකරුවනුත් ගේට්ටුව නොතකා පාර පැන ගියහ. එහෙත් අම්මා කෝච්චි වලට හේතු විරහිත බියක් දැක්වු බැවින් කෝච්චි ගැන මට තිබුණේ හොදම ආකල්පයක් නොවන නිසාත් මා පාර නොපැන කෝච්චිය යන තුරු නැවතී බලා උන්නෙමි… හිතු හිතු තැන කොච්චි වලට බ්රේක් ගහන්නට බැරිය. ගැහැව්වද ඒවා නතර වන්නේ ටිකක් දුර ගොස් ය. මා උන්නේ රේල් පාර ආසන්නයේ ම ය. තවත් වාහන කිහිපයක් ම මා නොයෑම ගැන පුදුම වු වග මට මතක තියේ.
දුම්රිය මාර්ගයන් දෙක මැද ඇති තීරුවේ එක්තරා පුද්ගලයෙක් ඉණට අත් තබගෙන සිටගෙන උන්නේ ය. මා සිතුවේ ම මේ මිනිසා රේල් පාරේ වැඩකරන කම්කරුවෙක් කියාය. කෝච්චිය ආවේ වංගුව පැත්තෙනි. කෝච්චියේ හඬ මතු වෙද්දි ම වාගේ මේ මිනිසා රේල් පාර අතර හිඩැසේ ඉඳගෙන තම කකුළක් පීල්ල මත තැබුවේය. ඔහු සෑහීමකට පත්වන තුරු කකුළ නියමිත ආකාරයට අතින් පවා හැදුවේය… මා බැළුවේ කෝච්චිය දෙසයි.. රියදුරු අනෙකාට සිද්ධිය පෙන්වමින් කර කියා ගත නොහැකි තැනට පත් වනවා මා දුටුවෙමි… ඔවුන්ට කෝච්චිය නතර කර ගන්නට නොහැක.
මා සිද්ධිය වටහා ගත් සැණින් දෙකන් දෝතින් ම වසාගෙන දෑස් පියාගෙන අනෙක් පස හැරුණෙමි… කොච්චිය යන සද්දයට අමතරව ඒ අතරින් දැඩි යමක් උඩින් අඹරාගෙන යකඩ රෝද වලින් පළමුවැන් දෙවැන්න යද්දි අමුතු හඬක් ආ බව මට ඇසිණි… පියවු කණ් වලට ඒ හඬ ඇසුණේ කෙසේදැයි මා නොදන්නා නමුත් මේ සිද්ධිය සත්තකින් ම මා අත්විඳි එකකි. මා අහක බලාගෙන ඒ රේල් පාර පැන යද්දිත් අර මිනිසා කෑ ගැසුවේ වත් කිසිවෙකු ඒ මිනිසා ළඟට ගියේවත් නැත. එහෙත් ටික දුරක් ගොස් නැවත බලද්දි මිනිසුන් වට වී ඉන්නවා මම දුටිමි. එහෙත් කිසිවෙකු ඒ මිනිසා රෝහලට රැගෙන ගියේ නම් නැත. පසුව දැනගත් පරිදි ඒ මිනිසා විසින් මේ සිදුවීමට පෙරාතුව ත්‍රී රෝද රථයකට ගෙවා රෝහලට රැගෙන යන්නට සැලසුමක්ද කර තිබේ. ඒ මිනිසාව රෝහලට ගෙන ගොස් ඇත්තේ එසේ මිස අනතුර වු තැන රොක් වු අය විසින් නම් නොවේ…
ඒ මිනිසා දුප්පත් මිනිසෙකි. කරනා රැකියාව ජිවත් වීමට නොසැහෙන නිසා හිඟා කෑමට සිතා කෝචිචියට කකුළ තබා ඇත. දැන් කකුළක් අහිමි හේ කෝචියේ හිඟාකෑම වෘත්තිය කොට ගෙන වසයි.
මා මේ සිද්ධිය ලියන්නේ සිදුවීම වී බොහෝ කල් ඉක්ම ගිය කලකදිය… මා ඒ මිනිසාව දකිමි. හේ මටද අතපා සිඟමන් යදියි… මට නැඟෙන්නේ කෝපයකි… ඔහු මට භයානක සිතුවිලි කිහිපයක් අත්දකින්නට භයානක මතකයක් සිත රඳන්නට හේතුකාරකයා විය. මා සත පහක් හෝ නොදෙමි. ඒ වන් වු කකුළ් අහිමි අත් අහිමි අයට මා සතයක් හෝ නොදෙන්නේ විටක එසේ දෙන්නට තරම් මට මුදල් නැති නිසාය… බොහෝ විට ඔවුන්ද අර කී ලෙස ව්‍යාපාරික අරමුණින් අතපය අහිමි කරගන්නට ඇතැයි මට සිතෙන නිසාය. මා යනෙන මඟ එවැන්නෝ බොහෝ වෙති. මා ඔවුන් දුටු විට අපුලෙන් ඉවත බලමි. ඒ මට මගේ දෙපා… මගේ අත් වටිනා නිසාය… මගේ අතින්, අත බලේට කෝච්චියට තැබු මිනිසෙකුට කිසි දා වතුරවත් දෙන්නට මට බැරිය… මං මගේ අත්වලට ගරු කරමි… අනෙකෙකුගේ අතක් වුවද එසේය… ඒ අනුව ඒ මිනිසාට ඒ මිනිසාගේ අතට එසේ කරන්නට අයිතියක් නැත.
කවුරුන් හෝ මවක් සිය කුස ඔත් පුතු ගේ පා පහර සිනාවෙන් යුතුව ඉවසන්නට ඇති. කවුරුන් හෝ පියෙක් සිය පුතුගේ පළමු පා සටහන ගැන අභිමානයෙන් බලා ඉඳින්නට ඇති. එවන් වු පාදයක්; තමා ඔසවා ගෙන ගිය හද මියෙන්නට ප්‍රථම, මිය ගිය අරුමය… එවන් මිනිසෙකුගේ වාරුවට හැරමිටියක් වන මිය ගහක් අත්තක් පවා කළ පවට අඬනවා ඇති.
අවයව විකිණිම හා යම් ආකාරයකට නෑ කම් කියන මේ සිදුවීම ඔබට කියන්නේ මිනිසුන් ජිවත් වන්නටය කියා තමන්ගේ ම මස් මාංශ පවා විකුණනා ගන්නා බව තහවුරු කරන්නට පමණක්ම නෙවේ… තවත් එවැනි මිනිසෙක් බිහි කරන්නට අත හිත දෙන්නට සිතෙන්නේ නම් නැවතත් සිතන්න කියා කියන්නටය.
තවත් අසරණයෙක් ජිවිකාව පිණිස මේ ක්‍රමය තෝරා ගන්නේ ඔබ මෙවැන්නෙක්ට දෙන මුදල් දෙස බලා හිඳිමෙන්ය. අහෝ ජිවිත?
පසුව ලියමි;
අදත් කෝච්චියේ යද්දි පෙර දවස දුටුවාට වඩා මෙවන් අත පය නැති අය දැකීමි. ඒ නිසා ලිවීමි…
Wednesday, January 9, 2013
දරුවන් වැඩිහිටියන්ට සැලකිය යුතුයි යන්න රදළ වැඩවසම්වාදි අදහසක් ද?
“අපි පුංචි කාලේ මුන්ට සැලකුවේ කෙහොමද?”
“එක නේනන්ම් අක්කේ, අපි දරුවන්ට බැළුවට දැන් කාලේ හැදෙන දරුවෝ අපිට බලන්නේ නෑ.”
“අපි උන්ව හැදුවේ නොවිඳිනා දුක් විඳලා උන් අපිව බලා ගන්න ඕනා. කර දඩු උස්මහත් වෙලා ගැනු ගත්තට පස්සේ උන්ට අපිව මතක නෑ.”“දරුවෝ හැදුවට වැඩක් නෑ අක්කේ. ඒ සල්ලි වියදම් කරලා අපිට දෙයක් කර ගත්තා නම් මේ දුක නෑ.”
පිපෙන්න තියෙන මල් බලෙන් පුප්පවලා බුදුන්ට පුදන අපි මේ ගැන ආයේ හිතන්න ඕනා.
Sunday, December 16, 2012
මගේ සිත් ගත් චරිතයක් 02
මේ ඉන්‍නේත් මං ආසා කරපු චරිතයක් රඟපාපු නිලියක්. නම Keira Knightley . එයා රඟපෑ Pirates of the Caribbean (film series) කියන චිත්‍රපට මාලාව නිසා තමයි ඈ මගේ සිත් ගත් චරිතයක් උනේ…
Thursday, December 13, 2012
ඇයදෝ...ඔහුදෝ...
කුමුදු ලතාවේ මුදු සිනා මැවුන දා
නෙළුම් තටාකේ සිත හීන දකින දා
දහවලේ නැඟ ආ චන්දා
ඔබ රාත්‍රියත් ගිනි තැබුවා
ගයන්න ගයන්න වැරදි ගිය තනුවේ
නටන්න නටන්න පද බැඳි ගිගිරි විසිරේ
වයන වයන තත් ඉහිරේ
ගෙල සින්ද මා ප්‍රේමයේ දෙවිඳේ
ඔබ දෝ විසිරෙන පෙණ කැටි වෙරළේ
ඔබ දෝ ගිලිහෙන මල් පෙති වසන්තයේ
ඔබදෝ වැටෙනා දියබිඳු වස්සානයේ
මමදෝ හඬන කඳුළ ඔබ දෑසේ
Wednesday, December 12, 2012
අයි ඩොන්ට් නො වයි මෙහෙම වෙන්නේ ඇයි. ?
නිමිත්ත: සුදුහාමිනේ දීගේ ඇරලා ගෙදර ගෙහුං කියලා ලැබිච්ච ආරංචිය.
අපේ රටේ නළු නිලියන් හා ගායක ගායිකාවන් ඇතුළු ජනප්‍රිය පංතිය කසාද බදිනවා ඉවරයක් නැත. නෙක නෙක තාලෙට ඇද මඟුලුත් කා පොටොත් අරන් විඩියොත් කරනවාය.
මට විතරක් මේව්වා හිතෙනවා නම් කමක් නැත. ගැටයන් ගැටිස්සියන් පවා මේ නිවුස් කියවනවාය.
ඉස්සර ඉන්ගිරිසි ජනප්‍රිය අයත් කසාද බැන්දා කියා ඉස්සර පත්තරේක තිබිණි. පසුව ඒ අයත් මෙහෙඒඒඒඒමම දික්කසාද වී තිබේ. දැන් ඒ අය කසාද බදින්නේ නැතය. ඒ අය දික්කසාදයේ ආදීනව හඳුනා ගෙන ඇත.
එවුන් දන්නා කෙහුරක් නැත. අපේ ආච්චිලා සියලා කසාද බැන්දේ නැත්තේ ඒ කාලේ රෙජිස්ටාර් උන්දෑ හිටියේ නැති නිසාය.
ඒ උනාට චාරිත්තරේටම සේරම කරාය. රෙජිස්ටාර් උන්නැහේ නැති හංදා දන්න කියන නෑ යකුන්ට කියා සියා ආච්චි කැන්දාගෙන එද්දි ආච්චි ඇගේ නෑ යකුන් සේරටම කියා සියා සමඟ ආවාය.
ඒ කාලේ දිත් නාහෙට අහන්නේ නැති උන් හද පානේද ගියාය. ඒහෙම ගිය අයත් චාරිත්තර අනුව දෙමාපිය වැඩිහිටියන් නැමැද කාරණය කිවෝය.
ඒ අය බැදගත්ත බෙරේ ගැහුවෝය. ගහන්නම බැරි උනත් හිටියෝය. එහෙමත් බැරි උනොත්... ඒත් හිටියෝ ම ය.
Wednesday, October 17, 2012
| නිවි නිවි දැල්වෙන පහනක | එළියෙන් |
| ලතැවෙන හදවත දෙනෙතින් | මතුවේ |
| අඳුරෙන් මතුවෙන සඳ නොවු | රැයකදි |
| ඔබේ උවනත දෙනෙතෙහි | පාවේ |
| පායා හිනැහි ආ දා | මතු වී |
| සිහිවන මොහොතේ ඔබ නැත | සතු වී |
| ජීවන දහරේ පිපි නෙළුමක් | වී |
| ඔබ පසු කර දිවියම | ගතවෙද්දී |
| කඳුළක ලියවුණු පෙම්බර | පුවතක |
| නටඹුන් මැද මා තව තව | තනිවෙන |
| මතකෙක ලියවුණු මා සිත | ගෙන |
| දිරි ගෙන දිලිසේ හිරු හෙට | දිනයක |
Monday, October 1, 2012
මගේ හිත් ගත් චරිතයක් - 01
Friday, September 28, 2012
සංසාරණ්‍යයේ වන්දනාකාරී.
සිරින්ජරය කර තබා ගෙන උන් අය කෑ ගැසමින් මා වෙතට දුවන් ආවේය... දුන් මා අසු වෙනු ඇත. නොහැක...අහු වන්නට බැරිය.. මම ආපසු දුවන්නට ගතීමි. මා ඉදිරීයේ වු ප්‍රපාතයෙන් කෙළවර වන හිස් අවකාශයට මම අඩිය තබද්දී මට සැනසිලි දායක් හැඟිමක් දැනිනි. මට නටන්නට තරම් හිතිණි.


