Sunday, July 29, 2012

සන්ද්‍යා මනරම්

අඳුරැ
ගඟ ගලනවා
නිම්න මිටියාවතින්
ගිරඟ සිඹින
නිල් ගුවන
දිසේ රතු පැහැයෙන
චාන්දනී
ඉස්සි බලන්
පරවු පියුම් පෙති පාවෙන
කුමුදු මල් හිනැහෙන
සැදැහැවතුන් නිසා ගී කියන
සියතුන් කැදලි සොයන

Monday, July 16, 2012

රවිඳු යන්න දහවල අරන්
සඳා එන්න රැය අරන්

පිපෙන මල් පරවෙලා
සුවඳ ඉතිරි කර යන්න
මට මගේ ජිවිතේ විඳගන්න ඉඩ දෙන්න

දිය දහරට ගලන්න
ගල් කුළ මත ඉඩ තියන්න
දසත පීනා මිනා
ගඟ දිය කළඹවන්න

සකුණි ඉගිලි සරන්න
ගී ගයා සැනසෙන්න
මටත් පියඹා යන්න
ගගනත ඉඩ තියන්න

නුඹ

එද‍ පන්සලේ
මහ පින්කමේදී
සීරුවට හටගෙන
සැදැහැ උවනින්
බැතිබර දැතින්
ලොල් වු සිතින්
පරිස්සමින් - හෙමින්
අතිනත යැවු
මල් වට්ටිය වගේ

Saturday, July 14, 2012

ප්‍රේමයේ පුර්ෂාධිපත්‍ය

                
                    ප්‍රේමය 
             පිරිමියා සේ
         දෝවනය 
     කළ හැක.

Friday, July 13, 2012

ඔබ







 සඳක් සේ නැඟි ඉරක්
සේ මොලවා තනි තරැවක්
තරම් ආදරේ කළ කෙනෙක්.


ආදරියේ...


 ගොම්මන් යාමේ ගඟ අද්දර
තන්පංගලමේ සුදු මැණිකේ
මන මෝහන රැවකින්ගඟ'ඹඩ
සද සේ නුඹ සුදු මැණිකේ


යායට මල් නෙලනා කුමරියෝ
නැහැ නොවැ වැව් ඉස්මත්තේ
මේ සඳ මෝරන පැය ගම්මානේ
නුඹ මන්ද තවත් වැව් ඉස්මත්තේ


හීතල හිරිහඬු පිපෙනා සුළඟින්
නැලවෙන තාලෙට වැව් ඉවුරේ
නුඹ රැව මට තවමත් මැවෙනවා
පුර පෝදා මෝරන තනිපංගලමේ

නුඹ මහි ප්‍රේමය

















ඔබ වසිනු මැනවි
මහ වරැසාවක් වී
මා ගත තෙමනු මැනවි
මා පෙම්බර ස්වාමි


මා ගත දොවනු මැනවි
දහසක් මල් පිබිදේවි
ඒ මල් ඵලය දරා
ඔබ නමින් දිලේවි



සඳු තිලකය මකා
කඳු ළැම මත සුසුමක් තබා
ඔබ වසිනු මැනවි
මා ගත මත ගලා

ඇයි?





කොතරම්
ගැඹුරැ 
සීල සමාධියෙන් 
නිවුණත්
ඇයි බුදු හිමියෙනි
චීවරය මෙතරම් ගිනි පැහැ...

සඳ ඔබ



අඳුරු අහසේ 
අර ඈත දිලෙන 
සාවෙකුගේ 
අහිංසක රැව රැගත්
නිශායම
සිරියහන
මන්මත්කරන
මල් පෙති සීරැවට තලන 
රන් තැටිය.

වෙ න් වී ම . . .


දෑත රැඳී දෑගිලි
පැටලී තිබූ ආලය
ගිලිහි - විරහි - පාවී

දුක් සුසුම් සෝ සන්තාප
සුළඟට ම ඇඳි ගිය
ආලය - ඡායාව - මායාව

කාලය තුරඟ පිට නැඟි අසරැව
පිටිය මැද තරඟ කරන
සල්ලාල - ජීවිතය - නිස්සාර

ගස සහ මල
















මහ ගසක් වී කුමට - මල් දරා පල දරනු බැරි නම්
දෙනෝදාහකට සෙවණ දුන්නද නොපීදෙන ගහක්
විසල් අතු පතර විහිදා විඳින අපමණ ගින්දරක්
ඇත්තටම කුමට ඵල නොදරන ගහක්


මව් පදවි ලබන දිනයක ගැහැනියක අති උතුම්
ලබනු බැරි නම් මව් පදවි ගැහැනියකගේ ඵලය කිම්
කඳුළ උරැම මුසලකමට දෛවයේ සරදමින්
අඬාවැටීයන් මතු සංසාරෙදි යළි මේ නොවන ලෙසින්


යමහල් හිතක් ළමැද හොවාගෙන
උණුවී ගින්දරින් කිරි ඉතිරේද නොදනිම්
ජීවිතයකට දෙබෑ විය නොහැකි කුසින්
අන්ත අසරණයි නුඹ මේ ලොව වසන කතු වෙසින්