Sunday, March 25, 2012

(අ)මිලවාදය පිළිබඳ පරම්පරාගත සංනාදය

 





















මව: අන්න බලන් පුත නිල් අහස
       නුඹේ ඔය සිතුවම අහස
       තඹ පැහැ උනේ කිම
       යලිත් නඟාපන් සිතුවම 

පුතු: අහස දිදුලවන්නට
       නැඟුණු රිවි මඬල රතු
       වෙහෙස වී දිනු හෙයිනි
       මව්නි තඹ පැහැ අහස

මව: අහස නිල් පැහැය පුත
       එයයි සම්මත වු ලෝ දම 
       නිල් අහස ගෙනෙයි උණුසුම
       ලොව දිදුලවන ඵල වැල

 පුතු:දිනකර තැලී නැ‍ඟෙනහිරෙන් පැන
       ගිනි තබා රතු අහස
       ගෙනෙයි සඳවතිය කොමළ
       එයයි සැනසුම ලොව නිදන

මව:නිදන ලොව පුබුදවා යළි
      නිල් අහස උදාවන
      ඇරඹුමයි එය දිනෙක
      පිපෙන මල් පුබුදන

පුතු:වගුරවන ලේ දිය රන් දින
      සනසවා නිශා කල සඳ
      දිනු ලොවයි නිශායම
      නැඟි බලනු මැන

Wednesday, March 21, 2012

ඇරඹුම

ඇරඹුමත් කවියක්
මට
අවසානය තරම් ම
පින්සාරව
පිරැණු.